Colombo Today Local News

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා ත්‍රිත්වයක් නිල සංචාරයක් සඳහා අද (02)දින කොළඹ වරායට සේන්දු වි තිබේ.

නාවික හමුදාව පැවසුවේ, එලෙස පැමිණි‘KAGA’,‘MURASAME’ හා ‘FUYUZUKI’ යන බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි.

දිගින් මීටර 151 සහ නැවි මුළු 220කගෙන් සමන්විත ‘FUYUZUKI’ යුද නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210කගෙන් සමන්විත ‘KAGA’ යුද නෞකාව සහ දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත‘MURASAME’ යන නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ, එළඹෙන 04 වනදායි.

ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම යුද නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී වීමට නියමිත ය.

Related posts

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

colombotoday

ජනපති මැදිහත් වී බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday