Colombo Today Local News

තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්

පසුගිය වසර පහ තුළ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කණ්ඩායම් අතර එච්.අයි.වී ආසාදිතයින් හඳුනාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

මේ හේතුවෙන් තරුණ තරුණියන් අතර ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.

“ශ්‍රී ලංකාවේ HIV ආසාදන ඇස්තමේන්තු කරලා තියෙනවා 3,700ක්. HIV ආසාදතයින්ගෙන් 60%ක් පමණයි ප්‍රතිකාර ගන්නේ. එතකොට ඉතුරු 40% ඇත්තටම ඔවුන් ප්‍රතිකාර ගන්නේ නැතුව අපේ සමාජයේ ඉන්නේ. ඔවුන් HIV තියෙනවා කියලා ජීවත් වෙන්න පුළුවන්. අපේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර තුළ අවුරදු 15- 24 තරුණ කණ්ඩායමේ HIV ආසාදනය හඳුනාගැනීම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒක නිසා තරුණ අයට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් 90%ක් ම මේ HIV වෛරසය බෝ වෙනනේ. HIV වෛරසය හැදිලා අවුරුදු 12ක් විතර යනවා ඒඩ්ස් තත්ත්වයට එන්න. නමුත් ප්‍රතිකාර ගන්න නිසා ඒඩ්ස් තත්ත්වයට යනවා අඩුයි.”

Related posts

පාච රණවක අත්අඩංගුවට ගත්තේ රිය අනතුරකට නොවේ – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

Admin

Colombo Today වාර්තාව සත්‍ය වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday