Colombo Today Local News

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නැවැත්විය නොහැකි බවයි.

ගුවන් තොටුපොළින් පැමිණෙන සියලුම මගීන්ව ජාන විශ්ලේෂණය කළහොත් පමණක් එම ප්‍රභේදය සමඟ පැමිණෙන පිරිස් හඳුනාගත හැකි බවත් එය ඉතා වියදම් අධික මෙන්ම කාලය ගතවන පරීක්ෂණයක් බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

“මේ ප්‍රභේදය එන්නේ ලේබල් කරගෙන කොඩි ගහගෙන නෙමෙයි. ඒ නිසාම තමා එන පුද්ගලයෙක්ගෙන් මේක සොයා ගැනීමට පුළුවන් කමක් නැහැ ජාන විශ්ලේෂණයක් නොකර.මේක සමහර විට ලංකාවේ මේ වන කොට පැතිරිලා තියෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රභේදය සමග පැමිණෙන අය ඒ මොහොතේ හදුනාගන්න පුළුවන් වෙන්නේ ඒක ඉතා වියදම් අධික කාලය ගතවන ශ්‍රමය අධිකව අපහසුවෙන් සිදුකරන්න වෙන පරීක්ෂණයක්.
ඒ නිසාම අපි කරන්නේ ගුවන් තොටුපළින් පැමිණෙන අයගේ අධි අවදානම් කණ්ඩායම් හදුනාගත්තොත්, ඒ අයගේ සාම්පල් යම් ආකාරයකට ජාන විශ්ලේෂණය සදහා තෝරා ගැනීම සදහා අවස්ථාවන්ට යොමු කරනවා.ඒ හැරුනම අපිට පොදු ගන්න ඔ්න ක්‍රියාමාර්ග ගුවන් තොටුපල අරන් තියෙනවා.”

Related posts

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

ජෝන්ද සිල්වා රඟහල විකිණීමට සූදානම්.. යහපාලන කලාකරුවෝ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරති !

colombotoday

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

colombotoday

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස

colombotoday