Colombo Today Local News

ගයේෂා පෙරේරාගේ නිරුවත් කතාවට මධූෂා රාමසිංහගෙන් නිරුවත් ප්‍රතිචාර

madusha rama

රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා විසින් මාධ්‍ය වෙත ලබා දී ඇති සම්මුඛ සාකච්චාවක් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් රංගන ශිල්පිනී මුධුෂා රාමසිංහ සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වේදිකා මත අසභ්‍ය වදනින් වත්මන් ජනාධිපතිවරයා ඇමතූ හිටපු ජනාධිපතිවරයාගේ කීර්ති නාමයද කැලැල් කල, නැවත යහපාලන ජයග්‍රහණයෙන් පසු අප දිවිහිමියෙන් කැපවී දිනාගත් යහපාලනය දූෂිත පාලණයක් කිරීමට යහපාලණයට එක්ව යහපාලන රජයේ තනතුරු වරදාන වරප්‍රසාද භුක්ති විඳින එක්තරා නිර්ලජ්ජිත කාන්තාවක් සහ ඇගේ සැමියා යැයි කියාගත් පුද්ගලයා ඔවුන්ගෙ පටු දේශපාලණ ඕනෑ එපා කම් වෙනුවෙන් මා දේශපාලන වශයෙන් එක්ව කටයුතු කල ඇමති වරයෙකුගේ නම සම්බන්ධකොට මගේ චරිතය කැලැල් කිරීම වෙනුවෙන් මඩ වෙබ් අඩවි කරුවන්ට මුදල් ගෙවා විවිධ ප්‍රචාරණයන් ගෙන ගිය අතර, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු අදාල ඇමතිවරයාගේ හිංචයියන් පසුපස ගොස් ඇමතිවරයා තමන්ට හිතවත් බැව් පෙන්වීමට යම් යම් ක්‍රියාවන්හි යෙදුනු එම කානතාව විසින් මාගේ ඡායාරූප පෙලක මා නිරුවත්ව සිටි බවට පුහු පුවතක්ද මවා තිබේ. හාස්‍යට කරුණ නම් අදාල කාන්තාව අක්කල නංගිලා වෙනුවෙන් යැයි පවසමින් කැමරාව ඉදිරියේ සම්පූර්ණයෙන් නිරුවත්ව ලිංගිකව හැසිරී තහනමට ලක්වූ චිත්‍රපටයක් වෙනුවෙන් ලිංගික ක්‍රියාවේ යෙදී ප්‍රසිද්ධියට පත් තැනැත්තියක් වීමයි.

මා කිසිදාක නිරුවත විකුණන් කන තත්වයට බාල්දු වී නැති අතර ඔවුන් මෙන් පුහු පුවත් මවාගෙන ප්‍රසිද්ධවීමට තරම් බංකොලොත් වී නැති බවද මෙහිදී අවධාරණය කල යුත්තේ මා ඉතාමත්ම සමීපව කටයුතු කල අදාල ඇමති වරයා සහ පෙර කී නිර්ලජ්ජිත කාන්තාව සමඟ අදාල ඇමතිවරයා සමඟ ඇයට සම්බන්ධයක් ඇති බවට ම විසින් රාවයක් යවන බවට අදාල කාන්තාව විසින් අලුත් පුවතක් මවමින් ප්‍රසිද්ධ මාධ්‍යන්හි පවා සිදු කරන ලද ප්‍රකාශයන් මෙන්ම අදාල කාන්තාව සහ ඇගේ සැමියා යැයි කියන පුද්ගලයා විසින් මා වෙත දුරකතන ඇමතුම් ලබා දී අසභය වදනින් බැන වැදී තර්ජනය කරන තත්වයට බාල බොළඳ ලාමක ක්‍රියාවන්හි නියැලීමයි , විවිධ දුරකතන අංකයන් තුලින් අදාල ඇමතිවරයා සම්බන්ධකොට මා හට අසභයවදනින් බැන වැදීම තර්ජනය කිරීම විහිලුවක්ම පමණක් වනුයේ එදා දේශපාලණ වශයෙන් එක් මතයක් දිනවීමට එක් වේදිකාවක හඬ නැඟූ මම සහ එම ඇමතිවරයා අද දේශපාලණ වශයෙන් මත දෙකක් නියෝජණයකලද එම දේශපාලන මත ගැටුම පුද්ගලික ජීවිතයට ආඳාගැනීමට තරම් අදාල ඇමතිවරා හෝ මා අඤ්ඤාන වන්තයින් නොවන බැවිනි. මා නිළියක්ද යනුවෙන් ප්‍රශ්ණ කල ඔවුන්ට මා හට පැවසීමට ඇත්තේ ලිංගික අල්ලස්, මානසික අල්ලස්, මුදල් අල්ලස් මත කලාව දේශපාලණය වැනි ක්ෂේත්‍රයන්ට පැරිෂුට් ක්‍රමයට පිවිස වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ලිංගිකව හැසිරී ගත් සම්මාන වලට වඩා ඉබි ගමනින් දක්ෂතාවය මත වසර ගණනාවකට පසු මා දායක වූ ටෙලි නිර්මාණය වෙනුවෙන් වසරේ නැඟීඑන දක්ෂතම නිලිය ලෙස සම්මාන වෙනුවෙන් නිර්දේශ වීමත් මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ගේ පත්තිනි නිර්මාණය තුලින් හෙළ සිනමාවේ පත්තිනි ලකුණක් තැබීමට හැකිවීමත් සකල් රංගන ශිල්පීන් වෙනුවෙන් මෙන්ම සියලු කාන්තාවන් වෙනුවෙන්ම මා විසින් ලබාදුන් ගෞරවණීය දායදයක් ලෙසයි. අන්ත දුප්පත් ජීවිතයක් ගත කල ඇය සහ සැමියා එක් රැයින් කෝටිපතියන් වෙමින් මැජික් ක්‍රමයට මුදල් ඉපැයීමේ රහස ප්‍රසිද්ධියේ පුවත්පත් වලට පැවසුවානම් වීදුරු ගෙවල්වල ඉදන් අනෙකුත් පුද්ගලයින්ගේ චරිත ඝාතනය කොට තාවකාලික ප්‍රසිද්ධියක් සහ වින්දනයක් ලැබීමට වඩා සුදුසු යැයි මා ඔවුනට යෝජනා කරමි.

වයස අවුරුදු දොලහෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තේමා ගීය ගයන්න මගේ ගුරුවරයා සමඟ ලමා ගායිකාවක් ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියගෙ වේදිකාවට පිවිසි මා රංගනය, ගායනය, ලේඛණය , අධ්‍යක්ෂණය, නිෂ්පාදනය තුලින් කලාවේ විවිධ අංශ නියෝජනය කරමින් සමාජ ශෝධකත්වය වෙනුවෙන් මගේ කලා හැකියාවන් තුලින් සමාජයට මනසින් උසස් පිරිසක් දායාද කරලීමට වෙහෙසුනු බවට මෙතෙක් මා දායකවූ ආචාර්‍ය ජයලත් මනෝරත්නයන්ගේ ඊලඟට මොකද වෙන්නෙ මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ගේ පත්තිනි වැනි නිර්මාණ මෙන්ම මාගේ ස්වතන්ත්‍ර නිර්මාණ වූ මධුලෝලයාණෙනී කවි ගී සංග්‍රහය, මා විසින් රචනා කොට ගායනයෙන් රංගනයෙන් රූප රචනා අධ්‍යක්ෂණයෙන් දායකවූ ආචාර්‍ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කල අවසරයි නම් වූ බෞද්ධ ගීය වැනි නිර්මාණ සාක්ෂි දරනු ඇති අතර අද වන තෙක් බොරු පුවත් මවාගෙන ප්‍රසිද්ධවීමේ අවශ්‍යතාවයක් මා හට පැන නැඟී නොමැත. එසේම අයුතු ක්‍රමවේදයන් තුලින් උපයාගත් මුදල්ද මා සතු නොවන අතර මගේ කලා හැකියාවන් තුලින් උපයාගත් සාධාරණ මුදලින් සහ මගේ හිතවත් සහෝදර සහෝදරියන්ගේද සහයෝගය ඇතිව කුඩා කල සිට මේ දක්වා අවංක චේතනාවෙන් නැති බැරි අසරණයින් වෙනුවෙන් මගේ සහයෝගය ලබා දුන්නේ මා අවංක දුප්පතුන්ට, දුසිරිත ගරු කරමින් අයුතු ක්‍රමවේදයන්ගෙන් මුදල් උපයාගත් ප්‍රේතයන්ට වඩා මා ගරු කරනා බැවිනි.

මධූෂා රාමසිංහ

Related posts

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ චක්‍රලේකයක් ?

colombotoday

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

Admin

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට 31 ට පෙර ස්ථිර පත්විම්

colombotoday

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

මරාගන මැරෙන්න. අපි ඉරාකයේදී පරාදයි.දෙව්ලොව කාන්තාවන් 72ක් ඔබ එනතුරු බලා සිටියි – ISIS නායකයා කියයි

colombotoday