
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වත් වැඩිපුරම ණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමයේ දී බව කී විජිත හේරත් මහතා රටේ මුළු ණය ට්‍රිලියන 21ක් වන අතර එයින් ට්‍රිලියන අටක්ම ගන්නේ ගෝඨාභය සමයේදී බව සඳහන් කළේය.
දැන් ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා යන කතාව යැයිද විජිත හේරත් මහතා කීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com