Colombo Today Local News

ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 16ක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහරි

සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 16.3 ක් හෙවත් රුපියල් කෝටි 350 ට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහැරි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම ඩොලර් මිලියන 16.3 න් ඩොලර් මිලියන 11 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ද, ඩොලර් මිලියන 5.3 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ද, මුදාහැර ඇති බවත් රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩනොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපපක්‍ෂ මහතා දුන් උපදෙස් අනුව මෙසේ ඩොලර් මුදාහැර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

රට තුළ මේ වන විට ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවට සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙක් චෝදනා කරති.

Related posts

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අහෝසියි.. සියලු මැනුම් ඇමරිකා සමාගමකට.. කැබිනට් යෝජනාව එයි

colombotoday

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

colombotoday

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

Admin

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday