Colombo Today Local News

යුද අපරාධකරුවන්ට දඩුවම් දෙන්න රජය ගෙනඇති පියවර ගැන ඇමරිකාවට සතුටුයි – තානාපති කියයි

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූවන් පිළිබද විමර්ෂණය කරන දඩුවම් දීම සදහා ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති ක්‍රියාපිළිවෙත සහ ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් සියළු ජාතීන්ට එක හා සමානව සැලකීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය සම්බන්ධයෙන් ඇමරිකානු රජය බෙහෙවින් සතුටු වන බව ශී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප් 15 දා සවස යාපනයේදී පැවසීය.

දිවයිනට පැමිණ සිටින ඇමරිකානු පැසිෆික් ගුවන් බළකායේ හමුදා පිරිසක් සමග උතුරේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු තානාපතිවරයා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයන් සමග සාකච්ඡාවකටද එක්විය.

මෙහිදී දෙමල සන්ධාන මන්ත්‍රීවරු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරණ බව රජය පැවසුවත් එසේ නොකළ බවද,යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මටටමේ පරීක්ෂණයක අවශ්‍යතාවය ඇතුළු කරුණු රැසක් පිළිබදවද ඇමරිකනු තානාපතිවරයාවට කරුණු දක්වා ඇත.us ambassador in jaffna with tna

Related posts

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

පොලිසියේ ලොකු පුටු මාරු වෙයි

Admin

ඉතිහාසයේ මුල්වරට උතුරු පළාතට දමිළ ආණ්ඩුකාරවරයෙක් පත්වෙයි

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

Admin

සිරසට එරෙහි දෙරණේ වාරණය ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday