Colombo Today Local News

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

රට තුළ පනවා තිබු සංචාරණ සීමා ලිහිල් කිරීමත් සමග බන්ධනාගාර සෞඛ්‍ය සේවා විසින් ලබා දුන් නිර්දේශයන්ට අනුකූලව සිරකකරුවන්ට නැවත අමුත්තන් පෙන්වීමේ ක්‍රියාවලිය මේ මස 04 වන දින සිට ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

දිවයින තුළ කොවිඩ් -19 වසංගත තත්වය ව්‍යාප්තිය හේතුවෙන් අගෝස්තු 07 දින සිට බන්ධනාගාරගත රැදවියන් හට අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී.

කොවිඩ් 19 වසංගත තත්වය මේ වන විට මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමේ කටයුතු සිදු කරන ලෙසද, හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමෙන්තුව වැඩි දුරටත් දන්වා සිටියි.

Related posts

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday

ජාතික යොවුන් වේදිකාවට ජනපති කාර්යාලයෙන් අයදුම්පත් කැඳවයි

Admin

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

Admin

හොරොයින් පැකට් කල කතුන් 6ක් දැලේ

colombotoday

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

colombotoday