Colombo Today Local News

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

Slupfa

මේ වන විට ආසන සංවිධායක තනතුරුවලින් නෙරපා ඇති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‌ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි නොවුණහොත් ඔවුන්ගේ ශ්‍රීලනිප සාමාජිකත්වයද අහෝසි කෙරෙනු ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සංවත්සරයට මෙම ආසන සංවිධායක ධුර අහිමි කෙරුණු මන්ත්‍රීවරුන්ටද සහභාගි වන ලෙස දන්ව මේ වන විටත් ආරාධනා පත්‍ර යවා තිබේ.

ඒ අනුව එම පිරිස සංවත්සරයට සහභාගි වන්නේද යන්න පිළිබඳව පක්‍ෂය සැලකිල්ලෙන් පසුවන බවත්, යම් හෙයකින් ඔවුහු සහභාගි නොවුණහොත් එම අයගේ පක්‍ෂ සාමාජිකත්වය පවා අහෝසි කෙරෙනු ඇති බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසීය.

දිවයින

Related posts

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

Admin

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday