Colombo Today Local News

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

nhffඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සදහා බුදුන් වහන්සේට අගෞරව වන පරිදි පසුගියදා දැක්වූ අදහස් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය දැඩි අප්‍රසාදය පලකර තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මෙවැනි ප්‍රකාශවලට හේතුව අගමැතිවරයා වට කරගෙන එජාපය ආක්‍රමණය කර ඇති යෝහොවාවදී මුලධර්මවදී කල්ලි වල ග්‍රහණයට අසු වීමදැයි සැක මතුවන බවයි.

2016 අගෝස්තු 23

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා සංවේගය හා විරෝධය

බුදු දහම දහම යනු අවබෝධකරගත් ලෝක සත්‍යයයි. එය චතුරාර්ය සත්‍යය පදනම්කොට හේතුඵල ධර්මය මත පදනම්වී ආර්යය අෂ්ටාංගික මාර්ගය හා මැදුම් පිළිවෙත ප්‍රවර්ධනය කරනු ලබන ලෞකික ජීවිතය ජයගනිමින් ලෝකෝත්තර ජීවිතය ජයගැනීමට උගන්වනු ලබන විචාරශීලී දර්ශනයකි. මෙම ධර්මයට හෝ එහි ශාස්තෘවරයා වන බුදු හිමිට අගෞරව කිරීම ප්‍රයෝගිකව සිදු කල නොවන්නේ මේ ධර්මයේ ඇති සත්‍යවාදී ගුණය නිසාවෙනි. එහෙත් බෞද්ධ දර්ශනය හා බැඳුනු සංස්කෘතිය පිලිබඳ විවිධ මත තිබිය හැක. කෙසේ වුවද මේ රටේ පමණක් නොව සමස්ත ලෝකයේම ආදරයට හා ගෞරවයට පත්‍ර වී ඇති බුදු හිමියන්ට ගෞරව කිරීම අප රටේ සිරිතකි.

පසුකාලීනව මෙම තත්වය හිතාමතාම වෙනස් කිරීමට අවිද්‍යාත්මක ආගමික හා දුෂ්ට බලවේග විසින් කටයුතු කරනු ලැබිය හැක. මේ තත්වය අද දේශපාලන කරලියටද පැමිණ තිබීම කනගාටුවකි. 2016 අගෝස්තු මස 22 හෝ ආසන්න දිනකදී මේ රටේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා “බුදු හිමි” සම්බන්ද කර ගැනීමට ගනු ලැබූ උත්සහාය බොදු බල සේනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රකාශ කරමු.

මෙහිදී අපට රටේ අගමැතිවරයා මෙලෙස කතා කිරීම බොහෝ දෙනාට සැකයන් කිහිපයක් ඇති වීම වැළක්විය නොහැක.

1) සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීම පිලිබඳ අගමැතිවරයාට ඇති නොහැකියාව තුල සිංහල ඔහුගේ මව්භාෂාව වන්නේ ද යන්න.
2) අගමැතිවරයා වට කරගෙන එජාපය ආක්‍රමණය කර ඇති යෝහොවාවදී මුලධර්මවදී කල්ලි වල ග්‍රහණයට අසු වී ඇති බව.
3) අගමැතිවරයා ” බුදු හිමි මිනි මස් කන” බව කියා අපහාස කල වහාබ්වාදී තවුහිද් ජමාත් වැනි සංවිධානයක සාමාජිකයෙක්ද යන්න
4) මේ රට තුල අරාබි කොලනියක් බිහි කිරීමට විලපත්තුව විනාශ කරන කණ්ඩායම වලින් ආධාර ලැබීම . (ඇමරිකාවේ නායකයින්ද අරාබි මුදලට යට වන විට මේ රටේ නායකයින් මෙලෙස අරාබි ඩොලර වලට යටවීම සිදුවීම සැක සහිතය.)
5) සෝවාන් සහතික දෙන හා සොවන්ලාභී යයි කියාගන්නා මිස දුටු පිරිස් ඇසුරෙන් ඇති වූ මානසික අකුලතාව

මෙලෙස කෙතරම් සැක ජනතාව තුල ඇති වුවද බොදු බල සේනාවට ඇති සැකය නම්

ඉන්දියාව, චීනය, යුරෝපය ඉදිරියේ දනින් වැටී මිස මේ රට ගොඩ නැගීමට වර්තමාන නායකයින්ට පැහැදිලි දේශපාලන දර්ශනයක් නොමැත. වර්තමාන නායකයින් මෙම ජාත්‍යන්තර බලවේග වල අතකොලු බවට පත් වී ඇත. ණය ගැනීම, බදු අයකිරීම හා ජනතා මුදල් සොරා කෑම හැර වෙන සරණක් මෙම නායකයින්ට නොමැත. රට තුල ඇති ජනතා අවශ්‍යතාවයන් තේරුම් ගැනීමට හා ගැටළු විසඳීමට පැහැදිලි ශක්තියක් නොමැත.

ඉහත ප්‍රකාශය ඇතුළු රටේ නායකයින් පසුගිය දිනවල කරන ප්‍රකාශ පිලිබඳ සැලකීමේදී පැහැදිලි වන්නේ මෙවැනි පිරිස්වලට රටේ පාලන බලය සිය අතට ලැබීම “වදුරන්න්ට දැලි පිහි ලැබීම” හෙවත් ” දොරටුපාලයන් රජවීම” වැනි තත්වයක් බවත් , බලය ලැබීම දරා ගැනීමට නොහැකි වීම තුල යම් මානසික ආතතියකට හෝ විශාදියකට එහා ගිය මානසික රෝගී තත්වයක් මොවුන්ට වැලදීඇති බවය.

බොදු බල සේනා දුක් වන්නේ “අපේ රටේ ප්‍රධාන නායකයින්ගේ මානසික රෝගී තත්වය” නිසා නොව ඒ නිසා අපේ රට, ජාතිය හා ආගම ට සිදු වන නැවත අලුත්වැඩියා කිරීමට දුෂ්කර වන අනතුරුදායක හානිකර තත්වය පිලිබඳවය.

කෙසේ වුවද, සියල්ලටමවඩා මැතිවරණ කොමිසමට ඉතා වැදගත් රාජකාරියක් දෙකක් භාරය.
එක, රටේ නායකයින්ගේ හා මන්ත්‍රීවරුන්ගේ මොළ පරීක්ෂා කිරීමට විදේශ නීරික්ෂක වෛද්‍ය කණ්ඩායමක් වහාම ගෙන්වා ව්‍යවස්ථානුකුලව ගත යුතු ක්‍රියා මාර්ග ගැනීම

දෙවැන්න, වසර 70 ක් තිස්සේ හරි හරියට අපේ රට පාලනය කිරීම භාර ගත් එජාපය හා ශ්‍රීලනිපය ප්‍රමුඛ දේශපාලන පක්ෂ අද මේ රට හා ජනතාව දමා ඇති අභාග්‍යසම්පන්න තත්වය සැලකිල්ලට ගෙන “අපොහොස්ත්වුවන්” ලෙස වර්ගීකරණය කොට එම පක්ෂ “අසාදු ලේඛනගත කිරීම පිණිස ක්‍රියා මාර්ග ගැනීමය.

සම්බුද්ධ ශාසනය පෝෂණය කොට සුරැකීමට දිවුරුම්දුන් රටේ නායකයින්ගේ මේවනවිට එය විනාශකර දැමීමේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම ඉතා කණගාටුදායක තත්වයකි.

බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයට මුතුරාජවෙල පෙන්නේ නෑ. – කාදිනල් එක්ක යටි ගනුදෙනුවක්

colombotoday

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තනතුර හැර යයි

colombotoday

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

colombotoday

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

colombotoday