Colombo Today Local News

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

highwayරත්නපුර අධිවේගී මාර්ගයේ සිවිල් වැඩ ඉදි කිරීම සඳහා අරමුදල් සැපයීමට චීන අපනයන – ආනයන බැංකුව (EXIM) එකඟ වී ඇති අතර ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම මාර්ගය කොටස් 04ක් යටතේ ඉදි කිරීමට නියමිතය.

ඒ සඳහා චීන රජය විසින් නිර්දේශ කරන ලද සමාගම්වලින් එක් එක් මාර්ග කොටස සඳහා තාක්ෂණික හා මූල්‍ය යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදි කිරීමට සැලසුම් කර ඇති, කිලෝමීටර් 73.9ක දිගින් යුතු යෝජිත රත්නපුර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයන කටයුතු, මූලික සැලසුම් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම යන කාර්යයන් දැනට සිදු කෙරෙමින් පවතීන බව රජය පවසයි.

 

Related posts

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

කසළ තේ අපනයන ජාවාරම්කරුවන් පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින්නුත් ඇද්දැයි විමර්ශන

colombotoday

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

නාමල් – ලිමිනි විවාහය අද

colombotoday