Colombo Today Local News

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඒ සඳහා දිවයින පුරා පාරිභෝගික සේවා නිලධාරීන් යොදවා ඇති බව එහි සභාපති ශාන්ත දිසානායක මහතා පවසයි.

සභාපතිවරයා පැවසුවේ, කොරෝනා වසංගතය හමුවේ වෙළෙඳුන්, සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමටත් , පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමටත් කටයුතු කරන බවයි.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කියා සිටි.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් ඊයේ(08)දින ​පරීක්ෂා කළේ ය.

එම පරීක්ෂාවේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 05 ට අධික තොගයක් සහතික මිලට මිලදී ගෙන ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිස, සහතික මිලට මිලදී ගත් සහල් තොග, දිවයින පුරා පිහිටි සතොස ශාඛා හරහා අලෙවි කිරීමට රැගෙන ගොස් තිබේ

Related posts

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක් !

colombotoday

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

colombotoday

(Video) හිලරිගේ පරාජයෙන් ජනපති මෛත්‍රීගේ බලාපොරොත්තුවක් සුන් වී යයි

colombotoday