Colombo Today Local News

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

499892697range-bandara2

පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිටියදී දේශපාලන පළිගැනීමකට ලක් වූ තමන් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු සිය ඉල්ලීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට සහ එම අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගෙන් කල විමසීමකදී ඔහු මෙසේ පැවසිය.

මම එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරියගෙන් විශ්‍රාම යන්න ඉල්ලීමක් කළා. ඔහු මගේ විශ්‍රාම ඉල්ලුම් පත්‍රයවත් බාර ගත්තෙ නැහැ. අවසානයේ මට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඒ කාලයේ මට ලක්වෙන්නට සිදුවූ දේශපාලන පීඩනය නිසා මගෙ උසස්වීම් පවා අහිමිවුණා. ඉතින් දැන් මම සාධාරණය ඉල්ලලා තියෙනවා. යනුවෙනි.

සේවා කාලය තුළදී තමන් පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශංසා ලිිපිද ලබා ඇති බව පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(නෙත් නිවුස්)

Related posts

T 56 උණ්ඩ සමග කඩුවක් වෙළම්බඩ වැවෙන් සොයාගනී…

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday