Colombo Today Local News

පියා හිසට කෙටු කඩු පහරින් පස් මසක බිළිඳිය මරුට | නැන්දණියගේ අත වෙන් කරලා.. මාමණ්ඩියගේ ඇඟිලිත් කපලා

ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ ප‍්‍රදේශයේදී පියකුගේ කඩු පහරින් මාස 5ක් වයසැති බිළිඳියක මරණයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කර තිබේ.

මෙම ඝාතනය පෙරේදා (19)දින රාත‍්‍රී සිදුව ඇති අතර එම අපරාධය වැළැක්වීමට මැදිහත්වූ බිළිඳියගේ මිත්තනියට හා සීයාටද සැකකරු විසින් කඩුවෙන් කොටා තිබේ.

ඔවුන්ද බරපතළ කැපුම් තුවාල ලබා ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ පදිංචිව සිටි පස් මස් බිළිඳියකි.

ඝාතනයෙන් පසු 23 හැවිරිදි පියා පලාගොස් ඇති අතර සැකකාර පුද්ගලයා මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූ අයකු බවද හෙලිවී තිබේ.

15 හැවිරිදි බිරිය සිය දරුවාට කිරිදෙමින් සිටින අවස්ථාවේ සැකකරු පැමිණ ඇය සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර පසුව සැකකරු කඩුවක් රැගෙන විත් මාමණ්ඩියට කෙටීමට උත්සාහ කිරීමේදී වඩාගෙන සිටි බිළිඳියගේ හිසට කඩුපහර එල්ලවී ඇති බව සඳහන්.

එම කඩු පහරින් මාමණ්ඩියගේ අතේ ඇගිලි 3ක් වෙන්වී ඇති අතර එය බේරීමට මැදිහත්වූ වූ නැන්දනියට ද සැකකරු කඩුවෙන් කෙටීම නිසා ඇගේ එක් අතක් වෙන් වී තිබේ.

Related posts

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday

පවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Admin

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday

ජර්මානු රජයෙන් ලංකාවට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

colombotoday