Colombo Today Local News

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

vilpatthu33

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධි රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමියක් නිති විරෝධි ලෙස එළිපෙහෙළි කරමින් ජාතිවාදී පදනමින් නැවත පදිංචි කිරීම හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පිරිසරික යුක්ති කෙන්ද්‍රනය ගොණු කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඊයේ (31) අභියාචනාධිකරණය හමුවේ විරෝධතා ගොණු කර ඇත.

පෙත්සම සැප්තැම්බර් 30 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.

Related posts

ජන ජීවිතය අඩාල කළ උද්ඝෝෂණයට වෙළඳ සංගමයේ දැඩි විරෝධය

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

උප පොලිස් පරික්ෂකට වැව් රක්ෂිතයේ අක්කර 12ක් බිලි

colombotoday

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

colombotoday

ව්‍යවස්ථාව හදන්නෙත් පර සුද්දට ඕන විදිහට.. අත තියන්න එපා මේ රටට, ජාතියට.. අපි නිවට නෑ !

colombotoday

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

colombotoday