Covid 19

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොරෝනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා එංගලන්ත ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් නතරව සිටින ගාල්ල දඩල්ලේ සුපිරි සංචාරක හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද (18)දින තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙසේ ආසාදිත වි ඇති දෙදෙනා ගාල්ල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි හෝටලයේ මුළුතැන්ගෙයි හා ලොන්ඩ්‍රියේ සේවය කරන දෙදෙනෙකි.

ඉකුත් 14 වන දින මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසුව පෙරේදා හෝටලයේ සේවකයින් 98 ක් සඳහා පී.සි.ආර්.පරික්ෂණ සිදුකර ඇති අතර එහිදි මෙම දෙදෙනාද ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා මේ වනවිට රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබේ.

මේ අතර හෝටලයේ කළමනාකාරිත්වය පවසන්නේ මෙම සේවකයින් දෙදෙනා සෘජුවම එංගලන්ත ක්‍රිඩකයින් සමඟ සම්බන්ධ වි නැති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් පැවසුවේ මෙම සේවකයින්ට වෛරසය වැළඳුන ආකාරය සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනිම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරමින් සිටින බවයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

colombotoday

පුත්තලමේ රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ කුරුණෑගල, කටුපොත පදිංචි කාන්තාවකට කොරෝනා.

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.

colombotoday

කුරුවිට බන්ධනාගාරයෙන් කොවිඩ් රෝගීන් 64ක්

colombotoday

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday