
පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් තිදෙනෙකු ඒ අතරට අයත්ය.
එළැඹෙන නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී සිසුන් දෙදෙනෙකු පළමුව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ අතරින් අනෙක් සිසුන් 8 දෙනා හඳුනාගත් බව ප්‍රදේශයභාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com