Colombo Today Local News

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් (ඇප්) හරහා විවිධ ආකාරයේ මූලය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

එම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ කාඩ්පත්වල (හරපත් හා ණය පත්) (ඩෙබ්ට් කාඩ් හා ක්‍රෙඩිට් කාඩ්) පෞද්ගලික රහස්‍ය තොරතුරු, අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර යනාදිය ලබාගැනීමට උත්සාහ කරන බව ද මහ බැංකුව කියයි.

එබැවින් මූල්‍ය ගනුදෙනුවලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගන්නැයි ද හැකි සෑම අවස්ථාවකදීම නිසි පරිදි නියාමනය වන හෝ යම්කිසි නියාමන අධිකාරියක නියාමනයට ලක්වන ආයතන කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලයි.

එමෙන්ම මෙවැනි ගනුදෙනුවලදී ඉතා සුපරීක්ෂාකාරී වන්නැයි ද තමන්ගේ කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාව තහවුරු කරන විස්තර වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නැයි ද මහ බැංකුව ඉල්ලයි.
ඊට අමතරව බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැණින් තොරතුරු ලබාදෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

Related posts

ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ | චම්පික රණවකගෙන් ප්‍රහාරයක්.

colombotoday

මේ කොරෝනාට වඩා ඒ කොරොනාව භයානකයි. – වන්නිල ඇත්තන්ගෙන් ඔවදනක්

colombotoday

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin