Colombo Today Sports News

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් අවලංගුවන ලකුණු.

කොරෝනා අවදානම හේතුවෙන් මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවී ඇති බව එංලන්තයේ ඩේලි මේල් පුවත් පත කියයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය වසරකින් කල්දමනු ලැබිණ.

මේ වසරේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බැවින් වසර 2032 දී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ජපානය සූදානම් වෙයි.

කොරෝනා වෛරසයේ බලපෑම තිබුණ නමුත් කෙසේ හෝ ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්විය යුතු බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ජපන් රජය දැඩි ස්ථාවරයක සිටියේය. එහෙත් වාර්තාවෙන් හෙළිදරව් වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගුකර දැමීමට ජපන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පෞද්ගලික මට්ටමින් එකඟවී ඇති බවයි. මේ වසරේ ක්‍රීඩා උළෙල සංවිධානය කළ නොහැකි බැවින් 2032 ඔලිම්පික් උළෙල සඳහා ඉල්ලුම් කිරීමටද ඔවුහු එකඟ වී සිටිති.

“මේ ගැන ඉස්සරවෙලාම කියන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නෑ.. ඒත් ඒක (ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම) ඉතාම අසීරු තත්ත්වයට පත්වෙලා තියෙන්නේ..”

“පුද්ගලිකවම, මම වුණත් හිතන්නේ නෑ ඕක සිද්ධ වෙයි කියලා” යයි රජයේ ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා කියා සිටියේ යොදාගත් පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විමට කටයුතු යොදාගෙන යන නමුත් ඒ සඳහා විකල්පයක් නැති බවයි.

“දැනට, මේ මොහොත වන විට, ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ අවුරුද්දේ ජූලි 23 වැනිදා ටෝකියෝ නුවරදී ආරම්භ නොවෙන්න හේතුවක් අපට පෙනෙන්නේ නෑ. ඒ නිසා තමයි ක්‍රීඩා උළෙල වෙනුවෙන් විකල්පයක් යොදාගෙන නැත්තේ. ක්‍රීඩා උළෙල හැකි තරම් ආරක්‍ෂිතව තියන්න තමයි අපි කටයුතු යොදාගෙන යන්නේ.” යයි තෝමස් බෙක් මහතා ජපානයේ පුවත් පතකට බ්‍රහස්පතින්දා (21)දින පවසා තිබේ.

Related posts

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

Admin

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

colombotoday

සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

colombotoday