Colombo Today Local News

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි 28 වන දා තෙක් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම තීරණය ගෙන ඇත.

Related posts

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

Admin

කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළ යාමක්

colombotoday