Business

රුපියල තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22)දින නැවත වරක් 199 සීමාව ඉක්මවා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (22)දින රුපියල් 199.18ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 194.31ක් ලෙසත් දැක්විණි.

මීට පෙර අවස්ථා දෙකක දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199 ඉක්මවා පහළ ගියේ ය.

ඉකුත් වසරේ අප්‍රේල් 6 වැනි දා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199.40ක් දක්වාත් අප්‍රේල් 8 වැනිදා 200.46ක් ලෙසත් එලෙස පහළ ගියේ ය.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල සියයට 3.7කින් අවප්‍රමාණය වී තිබේ. ඊට අමතරව ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 3.5කින් ද යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 2.1කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 3.0කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 3.8කින් අවප්‍රමාණය වී තිබේ.

ඊට අමතරව පසුගිය වසර අවසානයේදී දළ විදෙස් නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් ලෙස දැක්විණි.

Related posts

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

කුළුබඩු භෝග අස්වනු අපනයනයට පෙර වෙන්දේසියට

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

colombotoday

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක්.

colombotoday

ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අද

colombotoday

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday