Colombo Today Local News

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් ආනවිළුන්දාව රැම්සා තෙත් බිමෙහි සිටුවන ලද කඩොලාන පැළ 1000කට වැඩි ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවා විනාශ කර දමා ඇතැයි ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය කියයි.

ඉකුත් පෙබරවාරි 02 වැනි දිනට යෙදී තිබුණු ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම ජාතික උත්සවය එදින ආනවිළුන්දාව තෙත් බිමේදී පැවැත්විණි.

මෙම ස්ථානය නිරීක්ෂණයට අද එහි ගිය වන ජීවී නිලධාරින්ට මෙම කඩොලාන පැළ ගලවා දමා ඇති අයුරු දක්නට ලැබුණු අතර එයින් විනාශ වී මිය ගොස් නොතිබුණු පැළ යලි රෝපණය කිරීමට ඔවුහු කටයුතු කළහ. මේ පිළිබදව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කරන බව ද වන ජීවී නිලධාරීහු සඳහන් කළහ.

වනජීවි රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනයකරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා සමඟ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත, පිරිසර හා වන ජීවී ආමාත්‍යංශ ලේකම්වරුන්, වන ජීවී අධක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් කඩොලාන පැළ සිටවීමට එදින එක් වී සිටියහ.

මීට කලකට පෙර ඉස්සන් වගාවක් යොදාගෙන තිබූ මෙම බිම් කොටස් යලි රජයට පවරාගෙන මෙම කඩොලාන සිට වූ අතර එම බිම් කොටස්වලින් කොටසක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුතුපන්තියේ ධීවරයෝ පිරිසක් මෙදින විරෝධතාවයක ද නියැලුණහ.

Related posts

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ. – නිමල් ලාන්සා

colombotoday

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin