Colombo Today Local News

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය යොජනා අද(22) දිනයේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත භාරදීමට නියමිතය.

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංවිධානයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා සඳහන් කළේ, දේශිය හෝ විදේශිය ආයතනයක මැදිහතක්වීමකින් තොරව වරාය අධිකාරියේ කළමනාකාරීත්වය යටතේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම යොජනාවන් සකස් කර ඇති බවයි.

නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාකිත ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 23ම එකතුවෙන් මෙම යොජනා සකස් කර ඇති බව ඔහු සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පසුගියදා සඳහන් කළේ, වෘත්තිය සමිති ඉදිරිපත් කරන යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබා දීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළේය.

Related posts

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

colombotoday

සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි

colombotoday

මැතිවරණ වේදිකාවේ පට්ට ගැසූ රවී කරුණානායකට විශිෂ්ට ජයක් – කොට්ඨාශ 9ම දිනයි – මන්ත්‍රීවරු 17ක් තේරී පත් වේ

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

සමස්ත ලංකා හෙද සංගමය ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක

colombotoday