Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප්‍රේල් 06 වනදා යළිත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එම ආයතනය පසුගිය පෙබරවාරි 11 වනදා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී එහි නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමඟදී අත්හිටුවනු ලැබීය.

පසුව කෝප් කමිටුව විසින් ක්‍රිකට් ආයතනයට යළි පැමිණීමට මාසයක කාලයක් ලබාදෙන බව දන්වන ලදී.

කෝප් කමිටුව මාර්තු මාසයේදී, සහ අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතක් (07) කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව, හෙට (23)දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

ලංකාවේ නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මාර්තු 26 වන දින කමිටුව විසින් විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයයි.

එයට අමතරව, අප්‍රේල් 07 වනදා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කමිටුව හමුවට කැඳවා ඇත.

පසුව අප්‍රේල් 23 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර්ශනය කිරීමට නියමිතය.

Related posts

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට.. තරග තහනමට අභියාචනයක් යවන්නැයි උපදෙස්

colombotoday

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday

ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321යි

colombotoday

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday

දිලිත් ජනපති සටනට – සමාගම් කීපයක අධ්‍යක්ෂ ධූර වලිනුත් ඉවත් වෙයි

Admin

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

Admin