Colombo Today Local News

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නවා සේම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් ද අත්අඩංගුවට ගැනීම සඳහා ද ඉදිරියේදී දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා තීරණය වී තිබේ.

ඒ අනුව අදාළ උපකරණ කඩිනමින් මිලදී ගත් වහාම රට පුරා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදාළ සාකච්ඡාවේදී තීරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා දැනට මෙරට තුළ සීමිත උපකරණ සංඛ්‍යාවක් පමණක් ඇති බවයි.

වසරකට පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් ලක්ෂයකට ආසන්න වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කිසියම් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය හෝ මත් පැන් භාවිත කර රිය පැදවුවහොත් එකී වරදට රුපියල් 25, 000ක දඩයක්, සිර දඬුවමක්, රිය බලපත්‍රය අවලංගු කිරීමක් හෝ බලපත්‍රය අත්හිටුවීම ආදි දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි.

Related posts

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

Admin

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday