Colombo Today Local News

කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා ?

කුලියාපිටිය නගරය සහ ඒ අවට ගම් කිහිපයක් ඉතා අවධානම් තත්ත්වයක තිබෙන බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා පැවසීය.

ඒ අනුව එම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැනවීම සුදුසු බව අද (22) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී තීරණය කළ බව ද ඒ මහතා කියා සිටියේය.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී බ්‍රිගේඩියර් සජිත් ලියනගේ මහතාගේ මුලිකත්වයෙන් පැවති එම සාකච්ඡාවේ දී දැනට පවතින පැතිරයෑමේ අවධානම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවත් ඉහළ නිලධාරීන්ට ඒ පිළිබඳ දැනුවත් කළ බවත් උත්පල සංකල්ප මහතා පැවසීය.

ඒ අනුව කුලියාපිටිය නගර සීමාව, දණ්ඩගමුව හා කබලෑව යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස දෙක ඇතුළත් වන ග්‍රාම නිලධාරීන් වසම් 15ක් පමණ සංචරණ සීමා පැනවීම සුදුසු යැයි තීරණය කර තිබේ.

අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම් හේතුවෙන් මෙසේ යළිත් සංචරණ සීමා පැනවීමට සිදුව ඇතැයි ද පැවසු ඒ මහතා එම කොවිඩ් රැල්ල වළක්වා ගැනීමට ජනතා සහය බලාපොරොත්තු වන බව ද පැවසීය.

Related posts

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දාහක වී තොග අතුරුදන්

Admin

නිරිතදිග මෝසම් සක්‍රීයයි. දිස්ත්‍රික්ක 11කට තද වැසි

colombotoday

එජාපයේ ඉරණම තීන්දු වන දිනය ? විමල් කියයි

colombotoday