Colombo Today Local News

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේම උතුරු පයාගල වෙරළ තීරණයට ගොඩබස්වා තිබේ.

එම ගුවන් යානය සිවිල් ගුවන් සමාගමට අයත් යානයක් බව මේ වනවිට අනාවරණ වී ඇත.

යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය වෙරළ තීරයට ගොඩ බස්වා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම අවස්ථාවේ යානයේ දෙදෙනෙකු පියාසර කරමින් සිට ඇති අතර මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ඔවුන්ට හෝ යානයට හානියක් සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

Admin

නැගෙනහිරින් ඔස්ටීන් පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න හකීම් ඩබල් ගේමක

colombotoday

විදෙස් ත‍්‍රස්තයන්ගේ දත්ත ගබඩාවට පිවිසීමට ඉන්ටර්පෝල් ශී‍්‍ර ලංකාවට අවසර දෙයි

colombotoday

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin