Covid 19

තවත් කොවිඩ් මරණ 92ක් – අවුරුදු 30ට අඩු දෙදෙනෙකුත් ඒ අතර

කොවිඩ් මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (21) දින තහවුරු කරන ලද මරණ වන අතර, ඉන් මරණ 51ක් පිරිමි පුද්ගලයින් වේ.

අවුරුදු 30ට අඩු පිරිමි හා කාන්තා එක් මරණයක් බැගින් වාර්තා වී ඇති අතර, අවුරුදු 30 – 59ත් අතර මරණ 19ක් වාර්තා වී තිබේ.

අවුරුදු 60ට වැඩි මරණ 71ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 39ක් පිරිමි පුද්ගලයින්ගේ වේ.

මේ අතර අද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 878 දෙනෙක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

තවත් කොවිඩ් මරණ 41ක් | තහවුරු කළ සමස්ත මරණ ගණන 2,985ක් දක්වා ඉහළට.

colombotoday

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

සොයිසා කාන්තා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 70ක් උපත ලබයි

colombotoday

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් තවත් ඉහළ​ට

colombotoday