World

රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් – 100ක් මරුට

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.

සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21)දින අදාළ ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල කර ඇත.

යේමනයේ ක්‍රියාත්මක කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අරාබි රාජ්‍යයන්ගේ සන්ධානය විසින් 2015 වසරේ සිට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙති.

මෙම ප්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 10,000 පිරිසක් මේ වන විට මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

සල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

Admin

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

colombotoday