Colombo Today Local News

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි.

Related posts

“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්‍රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”

colombotoday

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Admin

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

colombotoday

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් තිදෙනෙක් අසාධ්‍යව රෝහලේ.. ආණ්ඩුව ඇහැක් ඇර නොබලයි

colombotoday

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday