World

යුරෝපයේ විශාලතම සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දී තිබේ. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගෙන ඇත. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.

ප්‍රහාරයෙන් බලාගාරයේ හටගත් ගින්න පාලනය කිරීමට නිවා දැමීමටත් ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව යුක්රේන මාධ්‍ය වාර්තා පවසයි.

යුක්රේන රජය වෙනුවෙන් රජයේ ප්‍රකාශක අන්ද්‍රේ ටුස් වීඩියෝ පණිවුඩයක් මගින් දන්වා සිටියේ, රුමියන් හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් බලාගාරයට හානි සිදුවී ගින්න හටගත් බවත් බලාගාරයෙන් විකිරණ කාන්දුවක් වීමේ අවදානමක් පවතින බවත්ය.

එසේ විකිරණ කාන්දුක් සිදුවුවහොත් එය දරුණු ඵලවිපාක ගෙනෙනු ඇතැයි බිය පළ කෙරේ. යුක්රේනයේ විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 40 කට දායකත්වය ලබා දෙන්නේ මෙම න්‍යෂ්ටික බලාගාරය යැයි පැවැසෙයි.

මෙම බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත්, එය චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවට වඩා හතලිස් ගුණයකින් දරුණු වේවි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති. චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ යුක්රේනයේය.

1986 වසරේ අත්හදා බැලීමේ කටයුත්තක් සිදුවෙද්දී චර්නෝබිල් බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගියේය. එයින් සිදුවුණු හානිය යුක්රේනයට පමණක් නොව අසල්වැසි යුරෝපා රටවලටත් බලපෑවේය. මේ වනවිට, බෙලරූසය දෙසින් යුක්රේනයට කඩා වැදුණු රුසියන් හමුදා චර්නෝබිල් බලාගාරය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

Related posts

ජනාධිපති වෙන්න බාධා කලොත් තවත් මිනිසුන් මිය යා හැකියි : බයිඩ්න්ගෙන් ට්‍රම්ප්ට ඇඟවීමක්

colombotoday

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday