World

එයාර් ඉන්දියා ගුවන් සමාගමට සයිබර් ප්‍රහාරයක් | මගීන් ලක්ෂ 45කගේ තොරතුරු සොරා ගෙන

එයාර් ඉන්දියා ගුවන් සමාගමේ පරිගණක පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයකින් ගුවන් මගීන් ලක්ෂ 45ක පමණ පිරිසකගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වී තිබේ.

එම ගුවන් සමාගම සතු වසර 10ක තොරතුරු පද්ධතියක් එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නිරාවරණය වී ඇති බව වාර්තා වේ.

2011 වසරේ අගෝස්තු 26 වැනිදා සිට 2021 පෙබරවාරි මස 3 වනදා දක්වා වූ කාලය තුළ ගුවන් මගීන් හතලිස් පන් ලක්ෂයකගේ ක්‍රෙඩිට් කාඩ් පත් තොරතුරු, ජංගම දුරකතන අංක, ගුවන් ගමන් බලපත්‍ර සහ ලිපිනයන් ඇතුළු තොරතුරු එලෙස නිරාවරණය වී ඇත.

කෙසේවෙතත් සයිබර් ප්‍රහාරය එල්ල කළේ කුමන කණ්ඩායමක් විසින්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව එයාර් ඉන්දියා ගුවන් සමාගම නිවේදනය කර තිබේ.

2018 වසරේ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගමේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් ගුවන් මගීන් ලක්ෂ 4කගේ තොරතුරු නිරාවරණය වී තිබුණි.

එම ගුවන් සමාගමට පවුම් මිලියන 20කට අධික දඩයක් ගෙවීමට සිදුව තිබුණේ මගීන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ලවීම හේතුවෙනි.

Related posts

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

සූවස් ඇළේ සිරවූ නෞකා නිසා ඇතිවුණු අලුත්ම අවදානම

colombotoday

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday

දිය යට දිගම හාදුවේ ලෝක වාර්තාව අලුත් වෙයි

Admin