Colombo Today Sports News

භානුක ක්‍රිකට් ආයතනයට සුවිශේෂී ලිපියක් යවයි

මාලිංගගෙන් භානුක වෙත ඉල්ලීමක්

තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණි.

ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ තමන් පීතෘත්වයේ වගකීම් දැරීමට සූදානමින් සිටින බැවින් සහ සිය පවුලේ වගකීම් ගැනත් සලකාබැලීමෙන් අනතුරුව එම තීරණය ගත් බවය.

30 හැවිරිදි වියේ පසුවන භානුක රාජපක්ෂ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 05කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18 කට ක්‍රීඩා කර තිබේ.

ඒ අතර භානුක රාජපක්ෂට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට මෙය අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් භාරදුන් බවට මාධ්‍ය වාර්තා වීමත් සමඟ ලසිත් මාලිංග මේ බව ප්‍රකාශ කර ඇත.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලසිත් මාලිංග වැඩිදුරටත් ප්‍රකාශ කර ජාත්‍යන්තර වශයෙන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම පහසු කාර්යයක් නොවන බවත් එහිදී ක්‍රීඩකයින්ට විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත්ය.

ලසිත් මාලිංග පවසන්නේ භානුක රාජපක්ෂට තවත් බොහෝ දේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉටුකිරීමට ඇති බවය.

එසේම සිය තීරණය නැවත සලකා බලන ලෙසට ද ලසිත් මාලිංග සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Related posts

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

කැන්ගරුවන් පරදා සිංහයන් ඓතිහාසික ජයක් ලබයි

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

colombotoday

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරයි

Admin

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි

colombotoday