Colombo Today Local News

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

මිල්ලනිය පරගස්තොට ටයර් නිෂ්පාදන ආයතනයක් තුළදී නිෂ්පාදන භාණ්ඩ, යන්ත්‍රයක් තුළට ගෙනයාම සඳහා භාවිතා කරන විදුලි සෝපානයට හිස සිරවීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි නිලූක තනූජ ද සිල්වා නමැති 30හැවරදී එක් දරු පියෙකි.

මියගිය පුද්ගලයා තවත් සේවකයන් 09 දෙනෙකු සමඟ ටයර් නිෂ්පාදන යන්ත්‍රයේ සේවය කරමින් සිටියදී මෙම හදිසි අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

හිසට බරපතළ තුවාල සහිතව හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත.

මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පි.සි.ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Related posts

ලංකාව සහ මාලදිවයින අතර රේගු ගිවිසුමකට එළඹීමට තීරණයක්

Admin

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

colombotoday

කාපු තැන අමතක වූ ඇමති රංගේට ගල්ලෑවේ පුණ්‍යසාර හිමි අතීතය මතක්කර දෙයි

colombotoday

මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ල

colombotoday

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

colombotoday

වෛද්‍ය ෂාෆි සම්පූර්ණයෙන් නිර්දෝෂයි… ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්ෂණයක් – ආණ්ඩුකාර සාලි

colombotoday