ArticlesColombo Today Local News

බුදුපිළිම පොඩිපට්ටම් කර, සිංහලයා පළවාහැර, උතුරේ ගැයෙන සංහිදියාවේ ‘හංස‘ ගීතය.. මෙතැනින් කොතනටද?

vigneshvaran-pongu-tamilගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක තැන්පත් කර තිබු බුද්ධ ප්‍රතිමාවකට උල්වලින් ඇන හානි කිරීම පිළිබඳව පොලිසියෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි. උතුරේ මෙන්ම දකුණේ ද බුදු පිළිම විරෝධයක්‌ මතුව තිබීමට හේතුව කවරේද? ඒ. 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේ විශේෂ කාර්ය බළකාය විසින් තැන්පත් කර තිබූ බුදු පිළිම දෙකක්‌ කඩා බිඳ දැමීම පිළිබඳව වාර්තා වූයේ පසුගිය අගෝස්‌තු 29 වැනිදා ය. එදිනට පසු දිනම සිංහලේ සංවිධානයේ සාමාජික පිරිසක්‌ එම ස්‌ථානයට ගොස්‌ යළිත් අලුතෙන් බුදුපිළිම තැන්පත් කිරීම සැබවින් ම අගය කළ යුතුය. මෙම බුදු ගෙය සාදා තිබූ ප්‍රදේශයේ හින්දු ජනතාව ප්‍රකාශ කර සිටියේ තමන් මේ ප්‍රහාරයට කිසිසේත් ම සම්බන්ධ නැති බවයි. එසේ නම් මේ බුදු පිළිම කඩා බිඳ දමා ඇත්තේ කවුරුන් විසින්ද? කොටි හිතවාදි ඉවැන්ජලිකල් බලවේග විසිනි. යහපාලකයන් සමඟ උතුරේ ඉවැන්ජලිකල් බලවේග හිස ඔසවා ඇති බව රහසක්‌ නොවේ.

උතුරු පළාත් සභාව විශේෂයෙන් එහි ප්‍රධාන ඇමැතිවරයා මූලික කරගෙන උතුරු පළාත පුරාම සිංහල බෞද්ධ විරෝධයක්‌ මතු කරන බව රහසක්‌ නොවේ. දැන් මොවුන් ආරම්භ කර ඇති දෙමළ ජනතා සංසදය විසින් විශේෂ වැඩසටහන් රාශියක්‌ සකස්‌ කර ඇත්තේ ඔවුන් කියන ආකාරයට දෙමළ නිජබිම සිංහල බෞද්ධකරණයෙන් ගලවා ගැනීම සඳහාය. පසුගිය 10 වැනිදා චාවාකච්ෙච්රි නගර ශාලාවේදී මොවුන් විශේෂ රැස්‌වීමක්‌ පවත්වා ඇති අතර එහිදි දෙමළ ජනතාව නගා සිටුවීම මැයෙන් සඳහන් කළ අත් පත්‍රිකාවක්‌ බෙදා හැර ඇත. උතුරේ තැන් කිහිපයක ඉදිකරන බුදු පිළිමවලට මෙම පත්‍රිකාව මගින් දැඩි විරෝධය දක්‌වා ඇති අතර, මුලතිව් කෝකිලායි බෞද්ධ විහාරය ඉවත් කළ යුතු බව ද අවධාරණය කර ඇත. උතුරට කිසිම ආකාරයකින් සිංහල බෞද්ධ බලපෑමක්‌ එල්ල විය යුතු නැති බව මෙම පත්‍රිකාව මගින් අවධාරණය කර තිබේ. තනි දෙමළ බලයක්‌ ඇති උතුරු පළාතක්‌ වෙනුවෙන් තමන් පෙනී සිටින බව දෙමළ ජනතා සංසදය කියයි. එදා ප්‍රභාකරන් ක්‍රියාත්මක කළ දෙමළ නාසිවාදය හා දෙමළ ජනතා සංසදයේ අරමුණු අතර ගැටීමක්‌ නොමැති බව පෙනේ. දෙමළ ජනතා සංසදයේ ක්‍රියාකාරකම් සම්බන්ධව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කවර අදහසක්‌ දරන්නේ ද යන්න අපට පැහැදිලි නැත. කෙසේ නමුත් දෙමළ සන්ධානය ද සම්බන්ධන් පාර්ශ්වය හා විග්නේෂ්වරන් පාර්ශ්වය ලෙස දෙකට බෙදී ඇති බව ප්‍රසිද්ධ රහසකි. විග්නේෂ්වරන් පාර්ශ්වයට අවශ්‍ය මියගිය කොටින්ට ප්‍රාණ වායුව පිඹීමටය. ඒ සඳහා ඔවුන් උපයෝගී කර ගන්නා ජනප්‍රියම සටන් පාඨය වන්නේ උතුරේ බුදු පිළිමවලට හා විහාරස්‌ථානවලට එරෙහි වීමය. මුලින් ඇති කරන බුදු පිළිම විරෝධය අවසන් වන්නේ හමුදාවට එරෙහි විරෝධතාවලින් බව රහසක්‌ නොවේ. දෙමළ ජනතා සංසදයේ ප්‍රධානතම

රැස්‌වීම ලබන සැප්තැම්බර් 24 වැනිදා යාපනය මුට්‌ටවේලිහිදී පැවැත්වීමට නියමිතය. මෙය සැබැවින් ම යළිත් පොංගුතමිල් අවදි කිරීමකි.

සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුව දෙමළ ජනතා සංසදයේ ක්‍රියාකාරකම් ලෙස උකටලීව බලා සිටින්නේ ද? යුද අපරාධ – මිනිස්‌ සංහාර හෙළි කිරීමට මෙන්ම බෞද්ධ විරෝධය උත්සන්න කිරීම සඳහා සංවිධානය කරන මුට්‌ටවේලි රැලිsය ගැන කොළඹ ආණ්‌ඩුව දැනුවත් වී සිටීද?. මුට්‌ටවේලි රැලිsයෙන් පසුව සංහිඳියාව දොaරේ ගලා යනු ඇතිද? දකුණේ සිංහලයන්ට පමණක්‌ සංහිඳියාව ඉගැන්වීමට අදහස්‌ කරන යහපාලන ආණ්‌ඩුව දෙමළ ජනතා සංසදය පිළිබඳව දරන ස්‌ථාවරය කුමක්‌ ද?

යාපනය මුට්‌ටවේලි රැලිsයට සහභාගිවන ලෙස මෙම සංසදය දෙමළ ජනයාට ආරාධනා කර ඇත්තේ ආගම් භේදයකින් ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරවය. උතුරෙන් බෞද්ධාගමිකයන් පලවා හැරීම මොවුනගේ පළමු අරමුණ වී ඇත. එහෙත් බොදු විරෝධය පිටුපස සැඟවුණු රහස්‌ බොහොමයක්‌ ඇති බව අප හොඳින් දත යුතුය. එක්‌සත් ජාතික පක්‍ෂ 70 වැනි සම්මේලනයේදී ජාතික ගීය දෙමළෙන් ද ගයා බොරැල්ල කැම්බල් පිටියේදී සංහිඳියාව පැතිරවීමට එජාප නායකයෝ උත්සාහ කරනු ලැබුහ. දෙමළෙන් ජාතික ගීය ගයා සංහිඳියාව ඇති කළ හැකි ද නැද්ද යන්න වෙනම කරුණකි. එහෙත් දෙමළෙන් ජාතික ගීය ගැයීම එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් සතුටට පත් වූ කාරණයකි. කැම්බල් පිටියේදීත් දෙමළ ජාතික ගීය වාදනය වීම ගැන එක්‌සත් ජාතීන් සතුටු වනු ඇත. එහෙත් යාපනය මුට්‌ටවේලි හිදී ගැයෙන්නේ කුමක්‌ද? එය සංහිඳියාවේ හංසගීතයද? බුදු පිළිම සිරස කුඩු කර ගැයෙන සංහිඳියාවේ හංස ගීතය කුමක්‌ද? එය පිළිගැනීමට සිංහල බෞද්ධයන් සූදානම් ද?

දෙමළ ජනතා සංසදයට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇත්තේ නාගදීපයේ ඉදිවන අඩි 67 ක්‌ උසැති බුදු පිළිමයකි. මේ හරහා උතුරේ සංස්‌කෘතික සමුල ඝාතනයක්‌ සිදුවන බව විග්නේෂ්වරන්ගේ අනුගාමිකයෝ කියති. ලංකාවේ උතුරු පළාතෙන් පිට කොතරම් අන්‍යාගමික දේවස්‌ථාන කෝවිල් ඉදිව ඇත්ද? ඒවායින් සංස්‌කෘතික ඝාතනයක්‌ සිදුÊවන්නේ යෑයි සිංහල බෞද්ධයන් උද්ඝෝෂණය කර ඇත්ද? මේ නම් කවර සංහිඳියාවක්‌ද? මෙය බෞද්ධයන්ගේ හිස මතට ඉඳුල් වත් කරන සංහිඳියාවකි.

දෙමළ ජනතා සංසදයේ බලවත් විරෝධයට ගොදුරුව සිටින කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියන් උතුරු පළාත් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව පසුගිය දිනක කරුණු හෙළි කර තිබිණි. “දකුණේ සිංහලයන් උතුරේ සංහිඳියාව වෙනුවෙන් එක්‌ පියවරක්‌ තැබුවහොත් තමන් ඒ සඳහා පියවර දහයක්‌ තබනවා යෑයි පුරසාරම් දෙඩූ විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා සංහිඳියාව වෙනුවට උතුරේ ජාතිභේදය වපුරමින් සිටිනවා. උතුරේ මහ ඇමැතිවරයා කරන්නේ රඟපෑමක්‌. මෙය ජනතාව හොඳින් අවබෝධ කර ගත යුතු යෑයි ගුණරතන හිමියෝ මුලතිව් හි පැවැති රැස්‌වීමකදී ප්‍රකාශ කර තිබිණි.

2009 සිට මේ දක්‌වා කාලය තුළ යුද්ධය නිසා ඇති වූ සිත් බිඳීම්, වේදනා, වෛරය, ක්‍රෝධය ක්‍රමයෙන් සමනය වෙමින් පැවතිණි. කාලය විසින් බොහෝ තුවාල සුවකර තිබිණි. නමුත් දෙමළ ජනතා සංසදය යළි උත්සාහ කරන්නේ කුමක්‌ද? සිංහල බෞද්ධ විරෝධය උතුරේ පැතිරවීමට නොවේද?. එයින් සංහිඳියාව පැතිරවීමට හැකි වෙයිද? ඊනියා යහපාලකයෝ දෙමළ ජනතා සංසදය ගැන ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද? යළිත් උතුරේ පොංගු තමිල් නාඩගම නටන්නට ඉඩ දී උඩබලාගෙන සිටිනවාද?

චතුර පමුණුව

Related posts

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

colombotoday

ආණ්ඩුව ඩයස්පොරාවට ලබා දුන් පොරොන්දු එකක් නෑර ඉටු කරමින් ඉන්නවා

colombotoday

බස්නාහිර පළාතේ විදුලි කණු, දුරකථන කණුවල ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝග

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin