Colombo Today Local News

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් – ජොන්ස්ටන් මාධ්‍යට කියයි

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් සිදුවූයේ දැයි සැකයක් මතුවී ඇති හෙයින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටේ සමහර ප්‍රදේශවල ගෑස් සිලින්ඩර පුපුරා ගොස් ඇතත් කොළඹ හතේ, උතුරු පළාතේ,නුවර කුරුණෑගල ප්‍රදේශවල ගෑස් පිපිරීම් සිදුවී නැතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව දෙමහල් තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේදීය.

මේ උත්සවය ඊයේ(5)දින පැවැත්විණ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

රටේ ජනතාව අතර ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් කුතුහලයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ගෑස් පාවිච්චියට බය වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපයේදී විසඳුම් ලැබේවි කියලා මම විශ්වාස කරනවා.අපි මේ අලුත් අවුරුද්දේ ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන. කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. ඒ නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා.කොවිඩ් වසංගතයෙන් වැඩියෙන්ම බැට කෑවේ පාසල් දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. ඔවුන්ට තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට තිබුණු අවස්ථා මග හැරුණා. ඔවුන් පීඩනයට පත්වුණා. ඉදිරියේදී මේ කොවිඩ් වසංගතයෙන් අපිට ගොඩ ඒමට පුළුවන් වේවි කියලා මා විශ්වාස කරනවා.”

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවලංගු කල ටෙන්ඩර් හොර පාරෙන් ලබා ගැනීමේ උත්සහයක්.

colombotoday

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday

දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday