Colombo Today Local News

උඩරට මැණිකෙගෙ මෝටර් රථයක් ගැටෙයි

මාතර සිට මහනුවර බලා ධාවනය වු උඩරට මැණිකේ සිග්‍රගාමි දුම්රියේ ගැටි අද (06) වන දින සවස 0220 ට පමණ හබරාදූව පොලිස් වසමේ කොග්ගල පොහොර ගබඩාව අසල ඇති දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරිමට උත්සහ ගත් මහේන්ද්‍රා වර්ගයේ මෝටර් රථයක් එම දුම්රියේ ගැටිමෙන් අනතුරකට පත්ව ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

මෙම අනතුර හේතුවෙන් අකුරැස්ස පාර,නුගදූව ලිපිනයේ පදිංචි මොහොමඩ් හසන් මොහොමඩ් රිශාන් යන අය තුවාල ලබා 1990 ගිලන්රථ සේවය මගින් කරාපිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

මාතර සිට මහනුවර බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය මාතර දෙසපැමිණෙමින් සිටි අවස්ථාවලදි මාගල්තොට දෙස සිට පැමිණි ත්‍රිරෝධරථයක රියෙදුරෙකු විසින් මෙම මෝටර්රථයේ සිටි රියදුරුට ඉදිරියට නොපැමිණෙන ලෙසට තම අතින් සංඳා කලද එය නොතකා දුම්රිය හරස් මාර්ගයට ඇලුවිමට උත්සහ දැරිම නිසා මෙම අනතුර සිදුවු බවට සිද්ධිය ඇසින්දුටුවෙක් සදහන් කරයි.දුම්රියේ ගැටී අනතුරට ලක්වු මෝටර් රථය මීටර් 25 ක පමණ දුරට ඇදී ගොස් ඇති අතර මෝටර් රථයට දැඩි අලාභහානි සිදු වී ඇත.

අතරින් දුවන ලැබූ රියදුරු බරපතල තුවාල ලබා දැනට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය ඒකකයට ඇත්ලත්කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday

STF භටයෙකුට සිර කරගෙන පහරදෙයි.. මඩකලපුවේ උණුසුම් තත්ත්වයක් !

colombotoday

පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් හා ඩෙටනේටර් තොගයක් සොයා ගනී

colombotoday

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday

රටෙන් 10% ඇමරිකවට දෙන MCC ගිවිසුම අත්සන් කිරීම ජනපති අත්හිටුවයි !

colombotoday