Colombo Today Local News

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

අද(7) දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා හෝ විදුලි බලාගාර පද්ධති බිදවැටීම් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවය.

මේ අතර ඊයේ රාත්‍රීයේ අවස්ථා කිහිපයකදී කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිට තිබුණි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිදවැටීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ලවිය.

රාත්‍රී 9.30 වනවිට විදුලි සැපයුම යථාතත්වයට පත් කෙරුණු බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

කෙසේ වෙතත් තවදුරටත් කැලණිතිස්ස බලාගාරයේ පද්ධති ක්‍රියාවලිය නිරික්ෂණය කරමින් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Related posts

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

ධනුෂ් ගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – ධනුෂ් ගේ නීතිඥයා කියයි

Admin

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday