Colombo Today Local News

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

සමගි ජන බලවේගයට සහය දැක්වූ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක් අද (22)දින නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.

මෙලෙස නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක දිලිප් පිටිගල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකි.

එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි ඔවුහු මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.

මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වලල්ලාවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක දිලිප් පිටිගල මහතා පැවසූයේ “පාං”කියා ගන්නටවත් බැරි තරම් අසරණව සිටින ග්‍රාමීය ජනතාවගේ ආර්ථික පීඩනය වෙනුවෙන් සැබෑ සටනක් කිරීමේ ප්‍රවේශය සඳහා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බවයි.

මෙම අවස්ථාවට එජාප පළාත් පාලන කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ද සහභාගි විය.

Related posts

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

colombotoday

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

colombotoday

“හිටපු ජනපතිට, ආරක්ෂක ලේකම්ට අතක් තියන්න දෙන්නෙ නෑ” – සජිත්

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday

අසාද් සාලි යළි රිමාන්ඩ්

colombotoday