Colombo Today Local News

මුදල් සංශෝධන පනත් කෙටුම්පත ගැන සුනිල් හදුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති “මුදල් සංශෝධන පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

එම පනත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිගු කලක් කටයුතු කල තමන් 2012-2020අතර කාලයේ දී කෝප් කමිටුවෙ හි සභාපති වරයා ලෙස කටයුතු කල අතර ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන එක්වී කල මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට සමත් වූ බව පෙත්සම් කරු කියයි.

මුදල් සංශෝධන පනත් කෙටුම්පත මුදල් ඇමැති වරයා විසින් පසුගියදා පාර්ලිමේන්තු වට ඉදිරිපත් කල බව පවසන පෙත්සම්කරු කියා සිටින්නේ පනත් කෙටුම්පත තුළින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර සලසා ඇති බවය.

එම පනත් කෙටුම්පතේ සදහන් සියලූම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),12(2),27(2), ඒ, බී, ඊ , එෆ් , 148 සහ 8 යන විධිවිධානයන්ට පටහැනි බවට තීන්දු කරන ලෙස ද මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

Related posts

ආගමික සමුළුවකට සහභාගී වීමට ඤාණසාර හිමි මියන්මාරයේ සංචාරයක.. විරාතු හිමිත් හමුවෙයි

colombotoday

බංග්ලාදේශයේ ණය ගෙවන්න සහනයක්

Admin

ගව ඝාතනය නැවැත්වීමේ ජනපති තීරණයට රවී එරෙහි වේ.. රවී පිටුපස උලමා සංවිධානය!

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් තිබියදී ලැබුණ ඉන්දීය ණයෙන් යකඩ ගෙනත් – නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

colombotoday

අපට පොරොන්දු ඉටු කරන්න බැරිවුණා.. ජනතාව අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා – අගමැති

colombotoday

colombotoday