Colombo Today Local News

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් එකවර දීලා – මවක් හදිසි ප්‍රතිකාර ඒකකයට

උඩපේරාදෙණිය යොවුන් සේනාංක එන්නත් කරන මධ්‍යස්ථානයේ දී එක්වර එන්නත් දෙකක් දීමෙන් රෝගී වූ කාන්තාවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව අද (22) දිනපතා පුවත්පතක් වාර්තා කර තිබේ.

එසේ රෝගාතුරව ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් කර ඇත්තේ පේරාදෙණිය ඔගස්ටා වත්තේ පදිංචි 51ක් හැවිරිදි සිව් දරු මවක බවයි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

එම එන්නත් කරන මධ්‍යස්ථානයේ දී ඇයට මොඩර්නා එන්නත දෙවරක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කර ඇත්තේ තමන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ඇය සිය සැමියා සමඟ මෙම එන්නත ලබාගෙන තිබුණා.

Related posts

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

හැටන් ආපන ශාලාවක ගැස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් – හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

colombotoday