Colombo Today Local News

වවුනියාවේ හදිසි තත්වයක්.. සින්නවන් කොටියා රණවිරු ගමට කඩාපනී.. ඥානසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් සහ වවුනියාවේ වෙසෙන සිංහල වැසියන් විසින් විග්නේශ්වරන් මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව හෙට (30) උදේ 9ට වවුනියාවේ විරෝධතාවයක් සංවිධානය කර ඇති අතර අද(29) උදෑසන කොටි පිස්තෝල කල්ලියේ හිටපු නායකයෙකු වන සින්නවන් නමැත්තා සහ ඔහුගේ පිරිස් විසින් වවුනියාවේ “සංහිදියා ගම” රණවිරු ගම්මානයට පැමිණ එහි වැසියන්ට වහාම ගම්මානය හැරදමා පලායන ලෙස තර්ජනය කර ඇති බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කර සිටිනවා.

“සංහිදියාව” නම් අලුත් ආණ්ඩුවේ වැඩ පිළිවෙල සිංහලයා ගුටිකෑමට සැලැස්සවිමදැයි ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි අනිවාර්යයෙන් හෙට උද්ඝෝෂණය පවත්වන බවත් උසාවි නියෝග ලබාගෙන සිංහලයාගේ අතපය බැදීමට උත්සහ නොගන්නා ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ ලිහා දමා ඇති කොටි පැටවුන් බැද දමන ලෙස සදහන් කර සිටියා.

Related posts

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට ලංකා ජයරත්න. රංග දිසානායක කොටුවට මාරු කෙරේ

colombotoday

මෛත්‍රීගෙන් මහින්දට හදිසි ඇරයුමක්.. මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

colombotoday

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday