Colombo Today Local News

“සැබෑ සංහිඳියාව මරා දමා චන්ද්‍රිකාගේ සංහිඳියාව යටතේ ජාතිවාදය පැටවු ගහනවා“ – විමල්

wiml-c3

යුද්ධයෙන් පසුව මේ මව් පොළොවේ සිංහල දෙමළ ජනතාව අතර සැබෑ සංහිඳියාවක් ඇති වෙමින් පැවැති බවත්, වත්මන් ආණ්ඩුව තමන්ට බලයට ඒමට සහයෝගය ලබාදුන් ජාතිවාදී කල්ලිවලට රිසිසේ වැඩෙන්නට ඉඩ දීමෙන් පැවැති සංහිඳියාවද මරා දමා ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන නැමැති ‘නංගි’ ඉස්සරහට දාගෙන රනිල් වික්‍රමසිංහ නැමැති ‘කැත අක්කා’ පෙළවහට ගත්තු මේ රටේ ජනතාවට අපි කිව්වා, ‘කොටියට ඕනේ නැගිටින යුගයක්-ඒකට ඕනේ මෛත්‍රී යුගයක්’ කියලා. ඒත් එදා සමහරු ඒක විශ්වාස නොකරන්න ‘රක්‍ෂණ සහතිකයක්’ ලෙස පාවිච්චි කළේ ‘එහෙම වෙන්න විදියක් නැහැ. මෙතැන චම්පික රණවක, රතන සාදු ඉන්නවානේ’ කියන එක. නමුත් ‘ගෙවී ගිය වසර එකහමාර තුළ දෙමළ බෙදුම්වාදය තර වුණේ කවරාකාරයටද?’ කියන එක ‘දේශපාලන අන්ධයන්ටත්’ ඉතාමත් පැමැදිලිව දැක ගත හැකි වුණා.

‘අද ලංකාවේ ආණ්ඩුවේ වියදමින් කොටින්ට පහසුකම් සපයනවා’

විදේශ අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට නිව්යෝර්ක් ගියේ ගෝලීය දෙමළ සංසඳයේ ප්‍රධානී සුරේන් සුරන්දිරන් සමඟයි. සුරේන් සුරන්දිරන් ඇතුළු කොටි ඩයස්පේරාවේ 10 දෙනෙකු වොෂින්ටනයේ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන සිටියේ මංගල සමරවීර සමඟ නිව්යෝර්ක් යෑමටයි. මේ පිරිසේ හෝටල් ගාස්තු කෑම බීම හා දුරකථන ගාස්තු ගෙවනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි.

ඒ විදියට අද යුරෝපයේ කොටි හිතවාදී කල්ලි විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ සුරතල් වෙනවා. ඒ අතරේ උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් ‘සිංහල මිනිසා දිහා වෛරයෙන් බලන, බුද්ධ චීවරය දෙස පිළිකුලෙන් බලන’ අන්තවාදී මනසකට සාමාන්‍ය දෙමළ ජනතාව ඇද දමමින් සිටිනවා. ආණ්ඩුව අද මේ ව්‍යාපෘතියට සම්පූර්ණයෙන් නිදහස ලබා දී තිබෙනවා. කොටි සංවිධානය වෙනුවෙන් මියගිය කොටි ත්‍රස්තවාදියකු වන තිලීපන්ගේ සැමැරුම් කුළුණු අද යාපනයේ පවත්වාගෙන යනවා. ඒ සමඟම ‘බුදු පිළීම ගලවන්න’ කියන උද්ඝෝෂණය අද විග්නේෂ්වරන් සිදු කරනවා. ‘මේ බිමේ පදිංචිව සිටිය යුත්තේ අප පමණයි. වෙනත් වාර්ගික අනන්‍යතා සහිත පිරිස් ඉවත් කළ යුතුයි’ කියන මතය අද දෙමළ ජනතාවගේ ඔළු මත බලෙන් පටවන්න මේ අන්තවාදීන්ට අද ඉඩ ලැබී තිබෙනවා.

සම්බන්ධන් – විග්නේෂ්වරන් – සුමන්තිරන් එකම මල්ලේ පොල්’

මේ ආණ්ඩුවේ දේශපාලනඥයෝ අද බොරුවට ‘විග්නේෂ්වරන්ගේ අන්තවාදය සහ සම්බන්ධන්ගේ මධ්‍යෂථභාවය’ ගැන කතා කියනවා. විග්නේෂ්වරන්, සම්බන්ධන්, සුමන්තිරන් ඇතුළු මේ සියලු දෙනා ඉන්නේ කොටි සංවිධානයට පක්‍ෂපාතී දෙමළ ජාතික සන්ධානය තුළයි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ පුද්ගලයකු කැනඩාවේ දේශපාලන රැකවරණය ඉල්ලා එක් අවස්ථාවක එහි අධිකරණයක පිහිට පැතුවා. එහිදී ලැබුණු තීන්දුව කුමක්ද? ‘මොහු ශ්‍රී ලංකාවේ සිටියදී කටයුතුකර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සමඟයි. දෙමළ ජාතික සන්ධානය යනු කොටි සංවිධානය නැමති ත්‍රස්තවාදී සංවිධානයේ අනු ශාඛාවක්. එවැනි සංවිධානයක සිටි පුද්ගලයකුට කැනඩාවේ දේශපාලන රැකවරණය ලබා දිය නොහැක’ කියලයි කැනඩාවේ අධිකරණය තීන්දුව ලබා දුන්නේ. කැනඩාවේ අධිකරණය එහෙම හිතුවට ලංකාවේ ආණ්ඩුව එහෙම හිතන්නේ නැහැ. මේ ජාතිවාදී කල්ලි අද භූමිකා බෙදාගෙන රඟපෑමක නරතව සිටිනවා. විග්නේෂ්වරන්ට කියනවා ‘ඔයා වඩා ජාතිවාදී භූමිකාව රඟ දක්වන්න’ කියලා. සිංහල කතා කරන්න පුළුවන් සුමන්තිරන්ට කියනවා’ ‘ඔයා මොඩරේට් දෙමළ බෙදුම්වාදියා වෙන්න’ කියලා. සම්බන්ධන් ට කියනවා. ‘ඔයාට විපක්‍ෂ නායක ලේබලයත් තිබෙනවානේ. ඒ නිසා ඔයා මේ හැමෝගෙම ලොකු බාප්පොච්චි වගේ ඉන්න’ කියලා. මේ විදියට භූමිකා බෙදාගෙන මේ අය මොකක්ද කරන්නේ? නැවත පරදවනු ලැබූ සතුරු බලවේග හිස ඔසවන දිශාවට මේ රට ඇදගෙන යාම.

තත්පරයෙන් තත්පරය යළි නිර්මාණය කරමින් තිබෙන්නේ තර්ජිත ගම්මානවල දරුවන් මරා දමනු ලබන, බස්වල, දුම්රියවල බෝම්බ පිපිරෙන දවසයි. මේ ආණ්ඩුව මේ අන්තවාදී කල්ලිවල සහයෝගයෙන් බලයට ඇවිල්ලා ඔවුන්ට රිසිසේ වැඩෙන්න ඉඩකඩ හදලා දෙනවා. යුද්ධයෙන් පසුව උතුරේ අව්‍යාජ සංහිදියාවක් ඇති වෙමින් තිබුණා. ඒක ‘චන්ද්‍රිකාගේ සංහිඳියාව’ නොවෙයි, මේ පොළොවෙන් උපන් සැබෑ සංහිඳියාව. ඒක මරා දමලා තමයි, ඊනියා සංහිඳියාවේ නාමයෙන් අන්තවාදය පැටව් ගස්වමින් තිබෙන්නේ.

Related posts

සූර් වෙන්න ගහලා පොලීසියට විරුද්ධව උසාවි වහළට නැගලා

Admin

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

colombotoday

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

colombotoday