Colombo Today Local News

“විග්නේෂ්වරන් නිසා දකුණේ අන්තවාදීන් චූන් වෙනවා“ ආණ්ඩුව තානාපති අංශ දැනුවත් කරයි

vigneshvaran26

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තානාපති අංශ දැනුවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් රජය විශාල කාර්යභාරයක නිරතව සිටියදී විගනේෂ්වරන්ගේ ජාතිවාදී ක්‍රියාකලාපය දකුණේ අන්තවාදී පිරිස්වලට උත්තේජනයක් සපයන බැවින් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කරන්නැයි ආණ්ඩුවේ උපදේශකයෙක් දුන් උපදෙස් මත මෙසේ තානාපති අංශ දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

විග්නේෂ්වරන් මහ ඇමතිවරයාගේ ජාතිවාදී න්‍යාය පත්‍රය දකුණේ ජාතිවාදී කණ්ඩායමක අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වන්නක් බවට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් කර ඇති ප්‍රකාශය පිළිබදවද තානාපති අංශ දැනුවත් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

විග්නේෂ්වරන්ගේ බෙදුම්වාදී, ජාතිවාදී ක්‍රියාකපයේ වගකීම දකුණේ පිරිස් වෙත එල්ල කිරීමට ආණ්ඩුවේ ඇතැම් පාර්ශව කටයුතු කළද විග්නේෂ්වරන් විසින් සංවිධානය කළ “එළුග තමිල්“ විරෝධතාවය මෙහෙයවා ඇත්තේ යාපනය රදගුරු වී.පී. මංගලරාජම් විසින් බවට කරුණු අනාවරණය වී තිබෙනවා. “යාපනය මිසමේ සාමය සහ නීතිය පිළිබද කොමිසම” ලෙසින් හැදින්වෙන රදගුරු වී.පී මංගලරාජම් නායකත්වය දරන සංවිධානය මගින් ඊළාම්වාදී පිරිස් සියල්ල එකතුකර මෙම විරෝදතා වැඩසටහන සංවිධානය කල බවයි වාර්තා වන්නේ.

විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මෙම ඊලාම් වාදී වැඩසටහනට අරාධනා කර ඇත්තේද රදගුරු වි.පි මන්ගලරාජම් විසිනුයි.

Related posts

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

colombotoday

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ජර්මන් සංචාරයේ.. බලය බෙදන හැටි සොයා බලයි !

colombotoday

TNL අත නාරී.. ජනපතිට පන්න පන්නා බැට දෙයි (Video)

colombotoday

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday