Colombo Today Local News

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක් වෙයි

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් කුඩා රාවණා කොටුව ආසන්න මෙරට ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ලයිබිරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු යුරෝ සන් නැමැති යත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය වරාය දක්වා යාත්‍රා කරමින් තිබිය දී එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වනවිට නාවික හමුදා යාත්‍රා කිහිපයක් අදාළ ස්ථානයට යොමුකර ඇති බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

අවශේෂ වනාන්තරවලට අදාළව අභියාචනාධිකරණයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝගයක්

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි… – තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

Admin

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

Admin

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday