Covid 19

මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්

මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ එම දේවස්ථානය ආශ්‍රිතව තවත් පියතුමන්ලා 50ක් පමණ සිටින බවය.

“මුඛ ආවරණ නොමැතිව සැරිසරමින් සිටි පුද්ගලයින් 30ක් අරගෙන කරපු පරීක්ෂණවලදී යාචකයින් 4ක් ආසාදිතයින් බවට හඳුනාගත්තා. ඊට අමතරව තවත් 2 දෙනෙකු ද හඳුනා ගත්තා. උසාවි සංකීර්ණයේ සිදුකළ PCR 302ක් තුළින් මේ වනවිට රෝගීන් 5 දෙනෙක් සොයා ගන්නට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව පියතුමන්ලා 9 දෙනෙකු ආසාදිත බවට හඳුනා ගත්තා. එහි තවත් සහෝදර පියතුමන්ලා 50ක් පමණ ඉගෙනුම ලබනවා. ඔවුන්ගෙත් PCR පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතිනවා. මේ තත්ත්වය නිසා පිරිස ගැවසෙන ස්ථානවලට යෑමේදී ජනතාව තවදුරටත් ප්‍රවේසම් වෙන්න ඕනේ.”

Related posts

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,075ක්

colombotoday

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 14 කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

අංකුඹුර පොලිසියේ කොවිඩ් ආසාදිතයින් 7ක්

colombotoday

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday