Colombo Today Local News

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

rathana-himiවකුගඩු රෝගය මෙරට ව්‍යාප්තවන රෝග අතර ඉතාම භයානක රෝගයක්වී තිබේ. වකුගඩු රෝගය නිවාරණය කිරීම සදහා මෙරට දේශපාලන අධිකාරිය ඇතුලු විවිධ පාර්ශවයන් ගනු ලබන උත්සහයන් පිළිබදව සිතා බැළිමේදී පෙනී යන්නේ මෙරට වසර 33 නක් පැවැති යුද්ධය නිමාකිරීමට සැළසුමි කළ ආකාරයට වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා ද සැළසුමි සෑදිය යුතු බවයි. ඒ මක්නිසාද යත් මෙරට 27000 කට වඩා වැඩි තරුණ ජීවිත යුද්ධයෙන් විනාශවූ අතර ලක්ෂ සංඛ්‍යාත තවත් සිවිල් වැසියන් මියගිය අතර තවත් විශාල පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්විම යුද්ධයේ කුරිරු බව ලෝකයට මනාව කියාපාන්නක් වන නිසාය.

කෙසේ වෙතත් වකුගඩු රෝගයද යුද්ධයට දෙවැනි නොවන මාරක රෝගයකි. ඒ බව වටහාගෙන අප කටයුතු කරන ආකාරයක් අපට නමි පෙනෙන්නට නැත. මක්නිසාද යත් වකුගඩු රෝගය වැළදෙන්නේ රසායනික පොහොර භාවිතා කිරීම විශේෂයෙන්ම

ග්ලියිපොසේටි භාවිතය නිසාම බවට අප විසින් නිගමනයකට පැමිණ කටයුතු කිරීම නිසාය.ඒ අනුව අදාල රසායනිකය ගෙන්වනු ලබන සමාගමි මත අදාල වරද පටවා අප අත සෝදගෙන ඇත. ඒ අනුව දැන් සමාජයේ ඇත්තේ ග්ලිපසෝටි වලට විරුද්ධ හා විරුද්ධ නොවන පාර්ශව දෙකක් පමණි. 2007 වසරේදී ජාතික රාජ්‍යයක් පිහිටුවීම සිය න්‍යාය පත්‍රය බවට පත්කරගත් අතුරලියේ රතන ස්වාමින් වහන්සේ දැන් කථාකරන්නේ වසවිස නැති ලංකාවක් පිළිබදවය. එය ඉතාම හොද තත්වයක් වන්නේ අපගේ ජනතාව වසවිස කන තරමට ජාතික රාජ්‍යයක් පිහිටවූවද එහි ජීවත්වීමට පුරවැසියන් ආනයනය කිරීමට සිදුවන බව රතන හිමියන් වටහා ගෙන ඇති නිසාම පමණක් නොව බංකොලොත් දේශපාලනයෙන් ගොඩ ඒමට ඇති අකර්ෂණීයම මdතෘකාව වන්නේ ද වසවිස නැති ලංකාවක් යන මතෘකාව බවට හොදින් දේශපාලන නාඩි පිලිබදව අවබෝධයක් ඇති රතන හිමියන් දන්නා නිසාය. ඒ කෙසේ වෙතත් සුරක්ෂිත ආහාර ලබාගැනීමට අයිතියක් පාරිභෝගිකයාට ඇති නිසා වසවිසවලින් තොර ආහාර පිළිබදව අප දිගින් දිගටම කථා කරනුයේ අද ඊයේ සිට නොවේ. රතන හිමියන් ජාතික රාජ්‍යයක් පිළිබදව කථාකරන යුගයේ සිටය.

අප මෙහිදී පෙන්වා දෙන්නේ වකුගඩු රෝගයට තුඩු දෙන වෙනත් පානයක් පිළිබදවය.වකුගඩු රෝගයට තුඩුදෙන තවත් හේතු සාධක රැසක් ඇති බවට සමාජය දැනුවත් කිරීමය.තවද අපට මෙතක් කළක් වකුගඩු රෝගය පැතිරෙන්නේ රසායනික පොහොර මතම බවට සාක්ෂාත් කළ පිරිසගේ ඇස් ඇරවීමටය.

nesc-300x168නෙස්ලේ සමාගම විසින් නෙස් ටී නමින් තේ පැකැටිටුවක් මේ වනවිට අලෙවි කරමින් සිටි. අදාල නෙස් ටී නිෂ්පාදය සදහා trisodium phosphate නමි රසායනිකය අනතර්ගත කර ඇත.

trisodium phosphate යනු සේදිමට භාවිතා කරනු ලබන රසායනිකයකි. නෙස් ටී සදහා මෙම රසායනිකව භාවිතාකරනු ලබන්නේ තේ කැටි ගැසීම වැලක්වීම සදහා හා වඩාත් අලංකාරව අවසන් නිෂ්පාදනය තබා ගැනීමටය.

ලෝකසෙෘඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ මෙම trisodium phosphate රසායනිකය ආහාර සදහා භාවිතා කිරීමෙන් වකුගඩු රෝගය ඇති විමට බලපාන බැවින් එය ආහාර නිෂ්පාදන වලින් ඉවත් කල යුතු බවයි.

ලෝක ආහාර හා ඔෘෂධ අධිකාරිය ප්‍රකාශ කරන්නේ(FDA) trisodium phosphate මිලි ගෑමි 70 කට වඩා දිනකට භාවිතා කිරීම නුසුදුසු බවයි. මෙම රසායනිකය මිනිස් සිරට අහිතකරනමි අප භාවිතා කරන්නේ ඇයි? ද යන්න මෙරට පාරිභෝගිකයා විසින් තිරණය කර යුතු අතර මෙම නිෂ්පාදනය තහනමි කිරීම සදහා බලපෑමි කිරීම වසවිස වළින් තොර ආහාර පිළිබදව හා වකුගඩු රෝගය වැලැක්විමට හඩ නගන අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුලු සේමා ආයතනය විසින් කළයුතුය. මෙරට පුරවැසියන් වශයෙන් අප එය බලාපොරොත්තුවන අතර එම සටනට උන්වහන්සේ සහ පිරිවර නොපැමිණියහොත් ජනාධිපතිවරයා මේ පිළිබදව දැනුවත් කිරීමට හා පාරට බැස මහජනයා දැනුවත් කිරීමටද අප සූදානමිය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණෙයි

colombotoday

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදුන් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

colombotoday

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday

මුලතිව් නාහිමිගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හරි. – සමස්ත ලංකා හිංදු සම්මේලනය කියයි

colombotoday

ඇමති විජේදාසට එරෙහි විශ්වාසභංගයට අස්ගිරි පාර්ශවය අප්‍රසාදය පලකරයි..

colombotoday

යාපනය පේදුරුතුඩුව සජිත්ට – 82% ප්‍රතිශතයකින් දිනයි !

colombotoday