Colombo Today Local News

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

vigneshvaran

උතුරු පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් සී. වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කිරීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, තමිල් අරසු පක්‌ෂයේත් අවධානය යොමු වී ඇත. දකුණේ ජාතිවාදය ඇවිස්‌සෙන අයුරින් උතුරේ සුළු කණ්‌ඩායමක්‌ සමග කටයුතු කරමින් රටේ ඒකීයභාවයට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කිරීම නිසා විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව එම පක්‌ෂ දෙකේ බහුතර මතය වී තිබේ.

‘දෙමළුනි නැගිටිව’ යන තේමාව යටතේ පසුගියදා විග්නේෂ්වරන් මහතා විසින් මෙහෙය වූ හර්තාලය ඔහුගේ නොමනා ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගැනීම සඳහා වන ආසන්නතම හේතුව බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය.

තමන්ගේ නම පළ නොකරන ලෙස ඉල්ලා සිටි මෙම මන්ත්‍රීවරයා විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය තදින් විවේචනය කරමින් තවදුරටත් පවසා සිටියේ ආණ්‌ඩුව ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා පියවර ගනිමින් සිටින අවස්‌ථාවකදී උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස විග්නේෂ්වරන් මහතා විසින් සිදු කරන්නේ බරපතළ වරදක්‌ බවය.

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කරමින් ද්‍රවිඩ ජනතාව ඇතුළු රටේ සුළුතරයට සාධාරණ විසඳුමක්‌ ලබාදීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් එවන් අවස්‌ථාවක දකුණේ ජාතිවාදය උත්සන්න වන ආකාරයට ක්‍රියාකරමින් විග්නේෂ්වරන් මහතා කටයුතු කරන ආකාරය පිළිබඳ තානාපති නිලධාරීන් කිහිපදෙනෙක්‌ දැනටමත් අප්‍රසාදය පළ කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

– දිවයින

Related posts

නීති විරෝධී ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් වරායේදී අත්අඩංගුවට

colombotoday

” පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙනන් ” – සමගි ජන බලවේගයෙන් කථානායකට ලිපියක්

colombotoday

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

අතුරුදන් වූණා කී බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ බොරුව හෙළිවෙයි.. ණය කාරයන්ට පොලු තියා හැංගිලා !

colombotoday