Colombo Today Local NewsHot News

ETCA සූදානම්.. විරෝධය මඩින්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 200ක ඇමක් !

etca-0233

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත “එට්කා“ ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා අවසාන වටයට පැමිණ තිබෙන බව වාර්තා වේ. ගිවිසුම සම්බන්ධයෙන් ඇති අවසන් ගැටළු නිරවුල් කර ගැනීම සදහා ශ්‍රී ලංකා රජයේ සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය සමන් කැලේගම මහතා මෙම සති අන්තයේදී නවදිල්ලියේදී ඉන්දීය බලධාරීන් මුණගැසීමට නියමිතය.

මේ අතර එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙරට තුළින් එල්ල වී තිබෙන විරෝධය වළක්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 200ක ඉන්දීය ආයෝජන මෙරටට ලබාදෙන බවට ප්‍රචාරය කර ඇත. එට්කා ගිවිසුම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත ඇමති, නිර්මලා සීතාරාමන් ඇතුළු නියෝජිත පිරිසක් මෙරට සිදු කළ නිල සංචාරය අතරතුරදී මේ බව ප‍්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන්, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික‍්‍රම, ඇමති රිෂාඩ් බදුදීන්, ඇමති හර්ෂ ද සිල්වා ඇතුළු ආණ්ඩුවේ පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීය.

ඩොලර් කෝටි 200ක ඉන්දීය ආයෝජන මෙරටට ලැබෙන බව ප‍්‍රකාශ කළද එම ආයෝජන ක්ෂේත‍්‍ර වැනි මූලික කරුණු කිසිවක් මෙතෙක් හඳුනාගෙන නොමැති බව අනාවරණය වේ. මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ ලබන 2017 වසරේ මාර්තු – මැයි අතර කාලයේදී එට්කා ගිවිසුම අත්සන් තැබීමට සැලසුම් කර තිබෙන බවයි. එයට රට තුළින් එල්ල කෙරෙන විරෝධය අවම කර ගැනීම සඳහා ඩොලර් කෝටි 200ක ආයෝජන පිළිබඳ මෙම ප‍්‍රචාරය ගෙන යන අතර මීට පෙර ඉන්දීය ගිලන් රථ සේවාවක් ලබාදෙනු ලැබීය. එම ගිලන් රථ ඉතාම දුර්වල තත්වයේ පවතින හදිසියේ ධාවනය කිරීමට නොහැකි ඒවා බව මේ වන විට හෙළි වී තිබේ.

Related posts

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

colombotoday

අන්ධ භක්තියට මිනිස්කම යටවූ, අශිෂ්ඨත්වයේ කතාව තව්හිද් ජමාත්ලාගේ කටින් පැන්නේ මෙහෙමයි (Video)

colombotoday