Colombo Today Local News

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

මහානායක හිමිවරුන්ගේ මතය නොසලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරිමට යන විහාර දේවාලගම් සංශෝධන කෙටුම්පත හා සංඝ කතිකාවත ආණ්ඩු ඉදිරිපත්ව සංඝයා භේදකිරීමට අටවන කෙමනක් බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

විහාර දේවාලගම් පනතේ දියවඩන නිලමේ වරයා පත්කිරිම පිළිබඳ සංශෝධන කළයුතු යැයි බලවත් සාකච්ඡාවක් මෙතෙක් පැන නැගී නොතිබූ බවත් පැවති එකම සාකච්ඡාව නම් පසුගිය සමයේ දියවඩන නිළමේවරයා පත්කිරීමේදි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මධ්‍යස්ථව කටයුතු නොකළ බවට වූ චෝදනාව බවත් එම පෙරමුණ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනය පහතින්,

වත්මන් ආණ්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා මුල්ව ඔක් 4 වන දින විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතක් හා සංඝ කතිතාවතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි. ඒ සම්බන්ධනව මහානායක හිමිවරුන්ගේ මත විමසීමේදී උන්වහන්සේලා මෙම සංශෝධිත පණතට සපුරා විරුද්ධ බව මාධ්‍ය මගින් මනාව කරුණු වාර්තා කෙරිණි. ඒ අනුව සංඝ සමාජයේ කිසිදු වුවමණාවකින් හෝ අත්‍යාවශ්‍ය සාකච්ඡාවකින් තොරව හුදු ආණ්ඩුවේ හා බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ වුවමණාවට ගෙනෙනවායැයි සැක විරහිතව ඒත්තුයන ඉහත සඳහන් කෙටුම්පත් හා කතිකාවත් ආණ්ඩුව ඉදිරිපත්ව බලහත්කාරයෙන් සංඝයා මත පටවා සංඝයා භේදකිරීමට අටවන කෙමනක් බව අපගේ විශ්වාසයයි.

එසේ විශ්වාස කිරීමට සහේතුක කරුණු ඇත. එනම් විහාර දේවාලගම් පනතේ දියවඩන නිලමේ වරයා පත්කිරිම පිළිබඳ සංශෝධන කළයුතු යැයි බලවත් සාකච්චාවක් මෙතෙක් පැනනැගුණේ නැත. පැවති එකම සාකච්චාව නම් පසුගිය සමයේ දියවඩන නිළමේ වරයා පත්කිරීමේදි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මධ්‍යස්ථව කටයුතු නොකළ බවට වූ චෝදනාවයි. එසේ වුවත් ඉහත කාර්යය මේ වන විට සිදුවී හමාරය. එසේ නොවී නිලමේ වරයා පත්කිරීමේ බලය එක් එක් නිකායවලට හෝ පාර්ශ්වවලට ඉල්ලා සිටීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ කතිකාවක් පසුගිය සමය පුරා නොපැවතිණි. සංඝ සමාජයේ හෝ බෞද්ධ සමාජයේ අවශ්‍යතාවක් ලෙස පැන නොනැගි කාරණයක් බලහත්කාරයෙන් ඔබ්බවන්නට දරන වෑයමක් ලෙස වත්මන් රජයේ මේ උත්සාහය අපි දකින්නෙමු.

මේ රටේ සුවහසක් දැවනෙ ප‍්‍රශ්න පවතී. ආණ්ඩුවක් කළ යුත්තේ ඒවාට නිසි පිළියම් යෙදීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් ආදිය සොයා බලා ගෙනඒමයි. එනමුත් ඒවා පිළිබඳ නොකර කතා වෘතය රකින ආණ්ඩුව ලහි ලහියේ විහාරදේවාලගම් පනත හා සංඝ කතිකාවත්වල එල්ලී බලහත්කාරයකට සැරසෙමින් සිටියි.

මහානායක හිමිවරුන්ගේ විරෝධතා ආදිය නොසලකා ආණ්ඩුව මෙම පනත් පාර්ලිමේන්තුගත කොට සම්මත කිරීමට උත්සාහ ගන්නේ නම් ඒ පිළිබඳව වහා සංඝයා දැනුවත්කොට මහත්වූ විරෝධතාවක් බලගැන්වීමට ජාතික භික්‍ෂු පෙරමුණ නොපසුබටව කි‍්‍රයාත්මක වන බව මුළුමහත් රට හමුවේ අවධාරණය කොට තබන්නෙමු.

මෙයට,
‍ලේකම්,
ශාස්ත‍්‍රපති,
වකමුල්ලේ උදිත හිමි

සභාපති,
සියම් මහ නිකායේ මල්වතු
පාර්ශ්වයේ, කන්දබඩපත්තුව
ඇතුළු මාතර පළාතේ ප‍්‍රධාන සංඝනායක,
ශාස්ත‍්‍රපති,
හඳුගල රතනපාල නාහිමි

ප‍්‍රධාන අනුශාසක,
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ
අධිකරණ ලේඛකාධිකාරී,
මහාචාර්ය,
අත්තංගනේ රතනපාල නාහිමි

Related posts

අපිත් කුණු කූඩෙට දාලා තිබුණේ – රවී කරුණානායක

colombotoday

හුසෙන් කුමරුට දුන් ප්‍රතිඥාව 1815 තරම්ම පාවාදීමක්… හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin